කිතුල්ගල යනු ආකර්ෂනීය සොබාදහමින් හැඩවැඩ වුනු විසිතුරු ගම්මානයකි. කොළඹ හ හැටන් නගරය අතර දිවෙන මාවතේ මධ්‍යයට වන්නට පිහිටි මෙහි සරල කඩමන්ඩියක් මෙන්ම ආහාර පාන සදහා ස්ථානද කිහිපයකි. කොලඹ සිට නුවර-එලිය දක්වාද(හැටන් හරහා) බොහෝ සංචාරකයින්ටද විසිතුරු අත්දැකීමක් ලබන්නට හැකි කිතුල්ගල වෙතට කොළඹ සිට දෙපැයක කාල වෙලාවකින් ලගා වන්නට හැක. සන්සුන් , වර්නවත් මෙන්ම ඓතිහාසික පරිසරය මෙහි පැමිනෙන බොහෝ දෙනෙකුට අමතක නොවන අත්දැකීමක් වනවා සේම නෙක ගල්පර අතරින් ගලා යන කැළණි ගං කොමලිය සමග වන “White water Rafting අත්දැකීම ත්‍රාසය, විනෝදය ගෙනෙන ජීවිත්යේ අනුස්මරනීය අත්දැකීමක් වනු ඇත.
Rafting අත්දැකීම ආඳුනික මෙන්ම පලපුරුදු කොයි කාහටත් නැවත නැවතත් ප්රබෝධනීය අලුත් අත්දැකීමක් ගෙනෙනු ඇත. තැනින් තැන වන ගල්පර සමග නිර්මානය වන බාදක ඔස්සේ ගොඩ නැගෙන ජල රැලි අතරින් බෝට්ටුවක වන මේ අමතක නොවන අත්දැකීම ආරක්ෂා කාරී කර දෙන්නට පලපුරුදු අත්දැකීම් බහුල සහයකයින් නිරන්තරයෙන් කටයුතු කිරීම සිත් ගන්නා සහයකි. කිලෝමීටර පහක දුරක් ඔස්සේ දිවෙන මෙම ත්‍රාසජනක ගමනේදී ප්‍රධාන ජල බාදක හතක් පසුකරන අතර ඒවා තම ක්‍රීඩකයා වෙතට නෙක ආකාරයේ අත්දැකීම් කැඳවන බව පිලි ගැනීමයි. ගමනට පෙර ලැබෙන පැහැදිලි කිරීම මෙන්ම බාදක සමග ගමන් කිරීමේදි අප උපදේශකයින් ඔබට නිසි උපදෙස් හා හැසිරවීම ඔස්සේ සහය වනු ඇත.
අත්දැකීම එපමනක්ම නොවනු ඇත. මේ ත්‍රාසජනක ජල බාදක අත්දැකීමත් සමග ඔබ පසු කරන්නේ සොබාදහමේ අසිරිමත්ම අවකාශයකි. ගඟ දෙපසින් ඔබට හමුවන්නේ සාමකාමී ගැම්මාන, තද කොළ පැහැයෙන් හැඩවනු මහා වෘක්ෂ ලතාවන් ගෙන් සුසැදි පරිසරයම පමනක් නොව සංචාරකයින් සමග සුහද බවින් පිරි ගැමි මිනිසුන් ගේ පරිසරයකි. 1957 දී Oscar සම්මානයෙන් පුදුම් ලද “The Bridge on the River Kwai” සිනමා පටයේ රූ ගත කිරීමේ පසුබිමක් වූ මෙහි දැනට එම පලම හෝ අනෙකුත් ඉදිකිරීම් නොවුනද ඒ සදහා පදනම් කරගත් ගගෙහි වන ගල් පර්වත සිදුරුකර සවිකර ඇති යකඩ පදනම් අතරින් ගමන් කරන විට ඒ ඓතිහාසික අත්දැකීමේ හැගීමක් දැනෙනු ඇත.
මේ රමණීය පරිසරය සමග ඔබට ලබන්නට හැකි අත්දැකීම Rafting වලට පමනක් සීමා නොවුනු ඇත. ප්‍රධාන ජල බාදක (Main Rapids) වලින් අනතුරුව හමුවන කුඩා ජම බාදක (Mini Rapids) කාලාපයේදී ජලය මතට පැනීම, පිහිනායාම වැනි තවත් අත්දැකීම් රාශියක් ඔබ සදහා සූදානම්ය. නිසොල්මන් ගමනක යෙදෙන පිරිසිදු සීතල ජල තලය මත ලබන එම අත්දැකීම සදහා තවත් වැදගත්ම සාධකයක් වන්නේ කිඹුලන් වැනි අනතුරුදායක සතුන්ගෙන් තොර ජල පරිසරයක්ද මෙහි වීමය. ජිවිතයේ සදාතනික වන වින්දනීය හොරා කිහිපයක් සදහා ඔබ කිතුල්ගල තොරා ගත යුත්තේ ඒ හෙයින් යැයි අප සිතන්නෙමු.
