බුද්ධගුප්ත හිමියන්ගෙන් පසු විහාරාධිපති පදවිය ධම්මදස්සී සරනංකර හිමිකෝරල තුන හා පාත බුලත්ගම අධිකරන සංඝනායක කොටකේ දෙනියේ රත්නජෝති යන හිමිවරුන්ට ශිෂයානු ශිෂ්‍ය පරම් පරාවෙන් හිමිවිය. කෝරල තුන හා පාතබුලත්ගම අධිකරන සංඝනායක කොටකේ දෙනියේ නාහිමියෝ වර්ථමන විහාරාධිපති (කලකට පෙර කල සටහනකි) පදවිය දරති. 1990 දුරුතු පෙරහැර පවත්වන ලද්දේ 223 වන වරටය.
කරල කැපීම නිසා දුරුතු පෙරහැර ප්‍රදේශවාසීන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ “කරල් පෙරහැර” නමිනි. මානියම්ගම රජමහා විහාරය හැරුනු විට විහාර වශයෙන් පැවතුනේ යැයි සැලකිය හැකි ගල්ලෙන් කිහිපයක් සීතාවක ආසන්නයේ ඇත. එක් ගල්ලෙනක් තිඹිරිපොල පිහිට ඇත. කටාරම් කොටා සකස් කර ඇති මෙහි බුද්ධ ප්‍රතිමාවක් තිබූ බවට ලකුනු තිබේ. මේ ලෙනේ ඇති බ්‍රහ්මී අක්ෂර ලිපි නිසා සීතාවක රාජ්‍ය සමයට බොහෝ කලකට පෙර (අනුරාධපුර) සමයේ මෙය ආරම්භකල බව නිසැකය. ජනතා වතුසංවර්ධන මංඩලයට අයත් මහ ඔය වතුයායේ යෝගම කොටසේ කඳු බෑවුමක (අඩුක්කු ගල පාමුල) කටාරම් කොටා බිත්ති බැඳ තනන ලද ලෙන් විහාරයක්යැයි සැලකිය කැකි ලෙනක් තිබේ. මනා ලෙස කපා නිමකරන ලද ගල් උළු වස්සකින් යුත් කාඹරයේ බුදු පිලිමයක් තිබූ බව පැ‍රැන්නෝ කියති. අද නම් එවැන්නක සලකුනු කුඳු නැත. එහෙත් පහකින් කුඩා දාගැබක නටඹුන් යැයි සිතිය හැකි පස් ගොඩැල්ලක් තිබේ. ජනවසම වත්ත යුරෝපීයයන් පාලනය කල අවධියේ (1920-1930) ඉඩම එලිපෙහෙලි කරද්දී ඔලන්ද තඹ කාසි මුට්ටියක් මේ අසලින් හැමුවී තිබේ. අද මේ කාසිවලින් කිහිපයක් කොලඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ඉහත සඳහන් ගල්ලෙන් හා සමාන ලෙනක් මහඔය වතුයායේ උඩ්ලන්ඩ් වත්තේ පිහිටා තිබේ. කටාරම් කොටා පිලියෙල කල තිබුනත් පිත්ති ආදිය ආවරනය කර තිබූ බව සිතා ගත නොහැකිය. පැ‍රැන්නන් අතර මෙය බටදොඹ ලෙන නමින් හැඳින් උනත් එයට වඩා යමක් සඳහන් කිරීමට දන්නා අයෙක් නැත.
සීතාවක රජමාලිගයට පසකින් රිටිගහ ඇලේ වක්කලමේ පිහිටි ගැබුරු වල “කලා මැදිරියන්” වල නමින් හැඳින් වේ. බහිරන්ඩි කෝවිළ තැනීම සදහා සීතාවක් ඔයේ ජලයෙන් කොටසක් ඇලක් කපා හරවා එවන ලද්දේ මෙ ස්ථානයටයි. එක්වන රාජසිංහ රජුට විරුද්ධව කුමන්ත්‍රනයක් කලා යැයි කියන භික්ෂූන් 120 නමක් දියේ ගිල්වා මරනයට පත්කලේ මේ ස්ථනයේය. කලාමැදිරියන් වලට පහලින් භෛරණ්ඩි කෝවිළට යාම සදහා පාලමක් තනා තිබුනේ යැයි සැලකල හැකි ගල්වලක් තිබේ. ගඟ පතුලේ පිහිටි ගල්තලාවක් අඟල් 20-20 ප්‍රමානයේ අඩි දෙකක් පමන ගැඹුර ගල්වලක් දක්නට ලැබේ. ගඟේ වතුර අඩුකාලයට මෙය දැකිය හැකිය. සාමාන්‍යයෙන් නිතරම වැලි වලින් පිරී තිබෙන නිසා එකවරම හඳුන අගත නොහැකිය. පාලමක් තිබුනේ නම් යටත් පිරිසෙයින් මෙවැනි තව එක වලක් වත් තිබිය යුතුය. ගල්තලාව පසින් හා වැල්ලෙන් වැසී ඇති නිසා එක්වරම ඒවා සොයා ගත නොහැක.