සීතාවක රාජධානිය පිහිටියේ ගැටහැති ඇළ සීතාවක ඔයට වැටෙන ස්ථානයේ මහනියම්ගම උතුරු සීමාවේය. සීතාවක රාජයයේ උදාවත් සමග මේ කොටස “බණ්ඩාරවත්ත ” නමින් හැදින් වීමට පටන් ගැනුනි. රාජධානියක් වශයෙන් සිතාවක් ආරම්භයටත් පෙර සිට මානියම්ගම ප්‍රසිද්ධ ස්ථනයක්ව තිබූ බවත් විශාල ජනගහනයක් පදිංචිවී සිටි බවත් සැලකීමට කරුනු තිබේ. “මහනියම්ගම” රජමහා විහාරය පිහිටා තිබේ. කටරම් කොටා මනාව පිලියෙල කරන ලද ගල්ගුහාව තුල පිහිටි මේ විහාරය වලගම්බා රජු කරවූ එකක් යැයි සිතන අයද මේ ප්‍රදේශයේ සිටිති. එහෙත් ඒ අදහස ඔප්පුකල හැකි කිසිදු සධකයක් නැත. කෙසේ වෙතත් මෙහි ආරම්භය සීතාවක රාජධානි සමය හෝ එයට පෙර හෝ විය යුතුය. මුළු රාජ්‍යපාලන කාලයම යුද්ධවලට සම්බන්ද වී සිටි මායාදුන්නේ හා එකවන රාජසිංහ යන රජවරුන්ට ආගමික ගොඩනැගිලි තැනිමට තරම් තැන්පත් හා විවේකී කාලයක් ගත කිරීමට අවස්ඨහව නොතිබින. රජවීමෙන් පසු බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් ගෙන ගිය රාජසිංහ රජු විහාර ගොඩ නගතැයි සිතිය නොහැකිය. ඒ නිසා මෙහි ආරම්භය මායදුන්නේ රජුගේ කාලයේ දී හෝ ඉන් පෙර විය යුතුය. මේ රජවරු දෙදෙනාගෙන් එක් අයෙකු ගෙන් වත් මෙම විහාරයට රාජානුග්‍රහයක් ලැබූනු බවට සදහනක් නැත,. සීතක රාජධානිය ආසන්නයේ පිහිටි එක්ම ප්‍රසිද්ධ විහාරය මෙය වූ නිසා මායදුන්නේ රජු හා රජ පවුලේ අනෙකුත් අය ආගමික වතාවත් සදහා මේ ස්ථානයට යන්නට එන්නට ඇත.
මේ විහාරස්ථානය වඩාත් ප්‍රසිද්ධියට පත්වූවේ නුවර කාලයෙන් පසුවය. එනම් සීතාවක රාජ්‍යයේ ආරම්භයෙන් වර්ෂ 220කට පමන පසුවය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (1747-1781) මේ විහාරය සම්පූර්නයෙන් පිලිසකර කර, විහාරයට තේවා වන් සදහා ගම්වරද දී “කීර්ති ශ්‍රී රාජසිංහ” රජමහා විහාරය වශයෙන් නම් කල බව එතුමන් දෙන ලද සන්නසෙහි දැක්වේ. අද පවා විහාරයෙහි දක්නට ලැබෙන චිත්‍ර නුවර යුගයට අයත් ඒවය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බෞද්ධ වෙහෙර විහාර රාශියක් ප්‍රථිසංස්කරනය කල අයෙකි. බොහෝ ප්‍රසිද්ධ වෙහෙර විහාර තිබියදී මානියම්ගම රජමහා විහාරය ප්‍රතිසංස්කරනය සදහා තොරා ගැනීමට ප්‍රබල හේතුවක් තිබිය යුතුය, ආරම්භයේ සිටම මානියම්ගම රජමාහා විහාරය නුවර ප්‍රදේශයේ පවා ප්‍රසිද්ධවී තිබූ බව ඉන් සිතා ගත් හැකිය. සීතාවක රාජ්‍ය ස්මයේ උදාවත් සමග මානියම්ගම විහාරයේ ප්‍රසිද්ධියද වැඩි විය. එහෙත් රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ප්‍රථිපත්තිය නිසා මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා වෙනත් ප්‍රදේශ සොයා යන්නට ඇත. ඒ නිසා නුවර යුගය වන විට මේ ස්ථානය ගර වැටුනු ස්වභාවයකට පත්ව තිබෙන්නට ඇත.
විහාරය ප්‍රථිසංස්කරනයෙන් පසු 1766 දී විහාරයේ බරා කාරත්වය පවරන ලද්දේ වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ගේ ශිෂ්‍යනමක් වූ බුද්ධ ගුප්ත හිමියන් වෙතය. මේ ස්ථානයේ නුවරකාලය වන තුරුත් පිලිගත් භික්ෂූපරපුරක් වැඩ නොසිටි බව මේසිධෛයෙන් පැහැදිලි වේ. මේ සමගම දුරුතු පසලොස්වක පොහෝ දිනයේ දුරුතු මහා පෙරහැරක් පෑවැත්වීමටද විධිවිධාන සලස්වන ලදී. විහාරයට පූජාකරන ලද අන්දරගහ කුඹුරින් මහ පෙරහරින් ගොස් කරල් කපා ඇතෙකු පිට විහරයට ගෙන වුත් සහල් කර කිරි ආහාරයක් පිලියල කර පසු දින බුදුරජානන් වහන්සේට අග්‍ර ශස්‍ය ධානයක් පිරි නැමීමෙන් පෙරහැරේ කටයුතු අවසන් වේ. 1766 අරම්භක පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ඇතිව අති උත්කර්ෂවත් ලෙස පැවත්වුනු අතර ලෙව්කේ විජේසුන්දර රාජකරුනා සෙනවිරත්න හේරත් මුදියන්සේ (පසුකලෙක ලෙව්කේ දිසාව) ගමන්කල බව සදහන්වේ. අනතුරුව පැවති දුරුතු පෙරහැර කිහිපයක බස්නායක නිළමේ ලෙස ලෙව්කේ දිසව කටයුතු කර තිබේ.
