මාදොල ගම ඓතිහාසික බෞද්ධ ගම්මානයකි. මෙය 1815 වන විට උඩරට රාජධානිය සහ ඉංග්‍රීසි ආන්ඩුවේ පරිපාලන පලාත අතර මායිමේ පිහිටි මායිම් ගම්මානයකි. උඩරට රාජධානියේ අග්‍රාමාත්‍යවරයා වූ ඇහැලේපොල මහනිලමේ සබරගමුවේ කැ‍රැල්ලක් ඇරඹූ නිසා එය මැඩලීමට මොල්ලිගොඩ නිළමේ පැමිනෙන බව දැන කැන්ඳන්ගමුවටත්, ගලපිටමඩටත්, මාරඹේ කන්ඳටත් පසු බැස අවසන ලැගුම් ගත්තේ මාදොල ගමේ මදොල විදානෙගේ නිවසේය. මාදොල ගමේ දින දෙකක් නැවතීසිටි මහනිලමේ රජුගේ හමුදාව කැන්ඳන්ගමුවට පැමිනි බව අසා 1814 මැයි 23 දින මධ්‍යම රත්‍රියේදී ගඟ තරනය කර බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශය වූ සීතාවකට පසු බැස්සේය. සීතාවක තානායමේ සිටි (දැනට උසවිය පිහිටි භූමිය) ජෝන් ඩොයිලි යාර 100ක් ඉදිරියට පැමින මහනිළමේ පිලිගත් බව තෙන්නකෝන් විමලානන්ද ශූරීන් “ශ්‍රී වික්‍රම රොබට් ග්‍රවුන්රින් සහ ඇහැලේ පොල” යන කෘතියේ සඳහන් කර ඇත.
-පොත පතින් උපුටා ගන්නා ලදී.