හදාරන්නන් මානියම්ගම රජ මහා විහාරය හඳුන්වන්නට කැමති වන්නේ සිතාවක රාජධානියේ මුදුන් මල් කඩ ලෙසටය. ඔවුන් පෙන්වාදෙන්නේ ලංකාවම පුරාවට්ම සැලකුවද තමන්ටම ආවේනික වූ අනන්‍යතාවයක් සටහන් කරගන්නට මෙම පූජාභූමිය සමත්ව ඇති බවකි.ඓතිහාසික යකහටුවා කඳුපාමුලට වන්නට අවිස්සාවෙල්ල පනාවල මාර්ගයේ කිලෝ මීටර 4ක් පමන ගමන් කල පසුව මෙම පූජා භූමියට පිවිසෙන මාර්ගය හමුවන අතර එම කඳු වැටියෙන් ගලා එන දොළ පහර දෙකකට මැදි වන්නට විශාල ගල් පර්වතයක් පාමුලවන ගල් ලෙනක් මූල්කව මෙම විහාරය පිහිටා ඇත. දිගින් අඩි 170ක් ද පලලින් අඩි 70ක් ද වන මෙම ගල් ලෙන තුල විහාර මන්දිරය මෙන්ම පොත්ගුල ඇතුලු ඉදිකිරීම් කර තිබී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ.
මෙම ලෙන් විහාරයේ අතීතය සැලකීමේ අනුරාධපුර යුගයේ වලගම්බා රජු(ක්‍රි.පූ 103-76) සමයටද දිවෙන අතර එම රජතුමන් රාජයත්වයට පත්ව කෙටි කලකින්ම රට තුල කැරලි කෝලාහල ඇතුවූ බැවින් රටතුල වූ පරිපාලනය දුර්වලවීමත් සමග දකුනු ඉන්දියානු ද්‍රවිඩ ප්‍රධානීන් සත් දෙනෙක් මහා බල සේනාවක් රැගෙන ලංකව ආක්‍රමනය කර ඇති බවත් එහි ප්‍රථිපලයක් ලෙස මෙම රජතුමා වසර 14ක් පමන රුහුනු රටේ මෙන්ම මායා රටේ ත් තැන් තැන්වල සැගව සේනාව සංවිධානය කල බවත් ඉතිහාසයේ සදහන් වේ. අවසානයේ වලගම්බා රජතුමන් ප්‍රමුක සේනා අනුරාධපුරයට කඩා වැදි දෘඨීය නම් දෙමල නායකයා මරා දැමූ බවත් හ අවසානයේ රජකමට පත්වූ බවටත් සදහන් වන අතර ඉන් අනතුරුව තමන්ට සැගව සිටිමින් සේනාව රැස් කරන්නට සහය වූ ස්ථාන වල කටරම් කොටවා දර්ශනීය විහාර කරවූ බවටත් පැවසේ. ඒවා අතර ලෙනගල, හකුරුගල, සල්ගල මෙන්ම මානියම්ගම ලෙන් පරිශ්‍රයද වන බවට කියවේ.
මානියම්ගම ආශ්‍රිතව මානව ජනාවාස පිලිබඳව තොරතුරු වසර 30,000 කට පෙර අතීතයටම දිව යයි. මානියම්ගම ලෙන් විහාරය ආශ්‍රිතවම ප්‍රාග් මානවයා පිලිබඳ සටහන් මානියම්ගම බෙලි ලෙනින් හමුවීම ඉන් ප්‍රධාන අවස්ථාවකි. එසේම ක්‍රි.පූ 2,1 වැනි කාලවලදීද තිඹිරිපොල දෙසින් වන රජ ලෙන නම් විශාල ගල් ලෙනෙහි වන බ්‍රහ්මීය අක්ෂර වලින් වන ලෙන් ලිපි පවසයි. තවස් අවතාවකදී පොලොන්නරු යුගයේ පලමු විජයබහු රජ සමයෙහි රක්ඛ නම් සෙනවි වරයෙකුයිධ සේනාංකයක් සමග මානියම්ගමුරට්ථය හරහා රුහුණට ගමන් කල බවට මෙන්ම එකල මෙම ප්‍රදේශය සශ්‍රීක ජනාකීර්න භූමිභාගයක්ව පැවති බවටත් තොරතුරු සදහන්වේ.
ක්‍රි.ව 15, 16 සමය වන විට කුත්කෝරල පුරාවටම ප්‍රබලතම ආගමික ස්ථානයක් ලෙසට මානියම්ගම විහාරය සදහන් වන අතරක්‍රි.ව. 1521දී විජයබා කොල්ලය සමග මායදුන්නේ රජතුමාට සීතාවක රාජධානිය බිහිකරන්නට ආරාධානා කරන ලද්දේද මෙම විහාරය මූලිකව විය හැකි බවට විස්වාශය පලවේ. මෙම ප්‍රදේශය ට ආරක්ශාව සපයමින් ස්වභාවිකව පිහිටා ඇති ඝිරිදුර්ග,වන දුර්ග මෙන්ම ජල දුර්ග එයට මහත් සහයක් වන්නට ඇති අතර මෙම විහාරය මූලිකව ප්‍රදේශයේ ප්‍රභූ මූලික ජනතාව රජතුමා කෙරෙහි යොමුකරවන්නට ද කටයුතු කරන්නට ඇති බවට සිතිය හැකිය. මායාදුන්නේ කුමරුන් විසින් ඉදිකරන ලද බවට සැල කෙන 18 රියන් බුදු ප්‍රථිමාවද , වඩු හත් රියන් විෂ්ණු දේව ප්‍රථිමාවද ප්‍රමුකව ප්‍රථිමා රාශියක් හා බිතිසිතුවම්ද කරවන ලද බවට පිලි ගැනෙන අතර ගම්බිම් රාශියක්ද පූජාකොට විහාරස්ථානයේ අභිවෘදියට මහත් සේවාවක් කරන්නට ඇති බවට සැලකේ.
