මානියම්ගම රජමහා විහාරය පිලිබදව වන ඓතිහාසික කථා පුවත ඇරබෙන්නේ අනුරාධපුරයෙහි රජකම් කල වලගම්බා රජු සමයේදීය. එතුමා රාජත්වයට පත්ව නොබෝ කලකින්ම ඇතු වූ ඇබුදකාරී බව සැලවූ දකුනු ඉන්දියාවේ දමිල ආක්‍රමනිකයන් පිරිසක් පැමිනීමත් සමග තම රාජයයෙන් පලා යන වලගම්බා රජතුමා වසර 14ක් තිස්සේ රටේ විවිධ ප්‍රදේශවල සැගවෙමින් තම සේනාව සංවිධානය කිරීම සිදු කලහ. එම කාලය තුල තමන් වෙතට සැගව සිටින්නට සහයවූ ගල් ගුහ බොහොමයක් ආශ්‍රිතව පසුව ලෙන් විහාර බවට පත්කල බව ඉතිහාසයේ සදහන්ය. මානියම්ගම රජමහා විහාරයේද පුවත ඇරබෙන්නේ මේ ආකාරයටය. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉතිහාසය ලියවෙන්නේ ඊටද වඩා පෙර සිට බව හදාරන්නන්ගේ මතයයි.ක්‍රි.පූ.1 කාලයට අයත් තිබිරිපොල රජ ලෙන නම් විශාල ගල් ලෙනෙහි ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි මීට සාක්ෂි සපයයි. එසේම පොලොන්නරු යුගයේදී පලමු විජයබාහු රජුගේ සේනාධිපතිවරයෙක් සේනවක් සමග මානියම්ගම හරහා ගමන් කල බවත් සරුසාර කෙත්වතු යායවල් ව්ලින් මෙම ප්‍රදේශය වැසී තිබුන බවටත් සටහන් හමුවේ. 15 හා 16 සියවස් වන විට වේගයෙන් වලගම්බා රජුගේද සහයෙන් දියුනුව ඇරබෙන මානියම් ගම රජමහා විහාරය තුන්කෝරලයේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් වූ බවට පිලි ගැනේ. ගිරි, වන ,ජල දුර්ග වලින් ආරක්ෂිත මනියම්ගම ආශ්‍රිතව රාජයක් පිහිටවන්නට විජයබා කොල්ලයෙන් අනතුරුව මාය දුන්නේ කුමරුට ආරාධනා කරන්නටද ඇත්තේ මෙම විහාරය ආශ්‍රිත ස්වමීන්සේලා ව්ය හැකි බවටද උපකල්පනය කල හැක. ක්‍රි.ව. 1521 දී බිහිවූ සීතාවක යුගයේදී 18 රියන් සැතපෙන පිලිමය මෙන්ම වඩු හත් රියන් විෂ්ණු දේව ප්‍රථිමාව ඇතුලු ප්‍රථිමා රාශියක් ආදිය කරවා සිතුවමින් හා කැටයමින් විසිතුරු කරන්නට මෙන්ම ගම් බිම් ‍රැසක් විහාරය වෙතට පූජා කරවන්නට මෙම රාජධානියේ අනුග්‍රහය ලැනෙන්නට ඇත.