අනුරාධපුරය ලංකවේ අගනුවර බවට පත්වූ පසු රාජයත්වය ව්‍යාප්ත වීම සම්බන්දයෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් තිබූ බව ඓතිහාසික මූලාංශ්‍ර මාර්ගයෙන් සොයා ගෙන තිබේ. අනුරාධපුර පූර්ව යුගයේ සිට ප්‍රධාන මාර්ග සතරක් තිබූ බව පෙනේ.
ඉන් පසු මර්ගයක් කට්ටියාගම හා අංගමුව හරහා උරුවෙල ග්‍රාමයට වැටී තිබුනි. තවත් එක් මාර්ගයක් උපතිස්ස ග්‍රාමය හරහා මහාතිත්ථයටත් එතැනින් උතුරු පෙදෙසටත් විහිදී ගියේය. නැගෙනහිර විහිදුන මාර්ගය ද්වාර මංඩලය හරහා ගෝකණ්නටද , ද්වාර මංඩලය දකුන දෙසට ගිය මාර්ගය මහියංගනය හරහා කාචරගමය (කතරගම) දෙසට විහිදී ගියේය. දකුනු දෙසට විහිදුනු මාර්ගය නාලන්ද වකිරිගල, කදලිගාම, මහනිය්‍යාම හා පුගදණ්ඩාකවට හරහා ගොස් තඹලගමුවෙන් කෙලවර විය.
අනුරාධපුරයේ සිට දකුනූ දෙසට විහිදුනු මේ මාර්ගයේ එක් ස්ථානයක් වූවේ මහනිය්‍යාම නම් ග්‍රාමයයි. අනුරාධපුර මධයතන යුගය වන විට මෙය (“මහානියම්ගම”) යනුවෙන් හඳුන්වනු ලැබූ අතර එහි සිට තඹලගමුවට යන මාර්ගයේ පාලින්ද (පැලෑන්ද) නගරයද ප්‍රසිද්ධියට පත්වී තිබුනි.
අනුරාධපුරයේ මධ්‍යතන යුගය වන විට ලංකාව රජරට, දක්ෂින දේශය , රෝහණ දේශය හා මෙරුන්දර (ගිරිමන්ඩලය- මළය රට) යනුවෙන් ප්‍රධන පාලන ප්‍රදේශය හතරකට බෙදී තිබුනි. මේ බෙදීම් අනූව මහානියම්ගම (මානියම්ගම) දක්ෂින දේශයට අයත් වූ අතර මෙරුකන්දර හා රෝහන දේශයේ දේශසීමා අසල පිහිටි ප්‍රධාන ස්ථානයක් බවට පත්වී තිබුනි.පොලොන්නරු යුගයේ ආරම්භයත් සමග මනියම්ගම ප්‍රසිද්ධ ස්ථානයක් හා මංසංධියක් බවට පත්විය. මහවිජයභාහු රජ (කීර්ති කුමාරයා) සොලීන්ට එරෙහිව මහානාග කුල සිට සටන් පෙරමුනු දෙකක් මෙහෙය වීය. බටහිර දෙසින් ගමන් ඇරඹූ සේනාංකය තඹලගමුව, මහනියම්ගම, දොරවක හරහ උතුරට ගමන් කලේය.
අනුරාධපුරකාලයේ සිටම දක්ෂින දේශයට විශේෂ තැනක් හිමිව තිබුනි. මෙය සිහසුනට හිමි කුමාරයා සතු ප්‍රදේශය බවට පත්ව තිබුනි. ඒ නිසාම “මායා රට” නමින්ද ප්‍රසිද්ධ විය. ක්‍රි.ව. 1055 සිට 1111 දක්වා පොලොන්නරුවේ රජකල පලවන විජයභාහු රජුගෙන් පසු කුමාරවරුන් අතර අතිවූ අභ්‍යන්තර ආරවුල් නිසා දක්ෂින දේශය ස්වධීන රාජ්‍යයක් බවට පත්විය. මානාභරණ කුමරු දැදිගම ( ප්‍රංඛගම) අගනුවර කරගෙන දක්ෂින දේශයේ පාලකය වීමෙන් මහානියම්ගමේහි වැදගත්කම තවත් වැඩි විය. මෙහි සිට දොරවක හා දැදිගමටද දෙනවක්, තඹලගම හරහා දකුනේ මහනාග කුලටද, හංවැල්ල කඩුවෙල හරහා කෝට්ටේට හා කොළඹටද පැලෑඳ නුවර හරහා රයිගමටද විහිදී යන මාර්ගවල ප්‍රධාන සංධිස්ථානයක් වූවේ මානියම්ගමය. පලවන විජයබාහු රජු සොලීන්ට එරෙහිව මෙහෙය වූ බටහිර සේනාංකයක් පලවන පරක්‍රමභාහු රුහුනේ අධිපති මානාභරණට එරෙහිව මෙහෙය වූ සේනාංකයත් මානියම්ගම වාඩිලා සිටි බව චූල වංශය කියයි.
ක්‍රි.ව. 1521 දී කෝට්ටේ රාජධානිය සිදුවූ රාජ්‍ය විප්ලවයෙන් (විජයබා කොල්ලයෙන්) පසු සීතාවක රාජ්‍යයේ උදවත් සමග් මනියම්ගම තවහ් වැදගත් විය. සීතාවක පිහිටියේ මානියම්ගම කෙලවර නිසා සීතාවක රාජ්‍ය සමයේ සිට මානියම්ගම යන නාමයට ප්‍රධාන තැනක් හිමිවිය. මේ කාලයේ සිට මානියම්ගම සදහන් කල යුතු සැම අවස්ථාවකදීම සීතාවක් යන නාමය භාවිතාකරන ලදී.
