1. කොළඹ සිට එන ප්‍රධාන මාර්ගයට සීතාවකදී කන්ද උඩ රටින් හා සබරගමුවෙන් එන ප්‍රධාන මාර්ග මුනගැසින.  එම නිසා සෑම ප්‍රදේශයකින්ම පැමිනිය හැකි ජනාකීර්න හා වෙළඳ භාන්ඩ හුවමාරු වන වෙළඳ නගරය වීම.
2. මානියම්ගම රජ මහ විහාරය වලගම්බා රජදවසේ සිට ප්‍රදේශයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයයි. මෙහි වාසය කල ප්‍රබල භික්ෂූන් වහන්සේලා විජයබා කොල්ලයට පෙර සිටම මායාදුන්නේ කුමරුට සහය දැක්වීය. එම නිසා ජනතා සහය මයාදුන්නේ කුමරුට ලැබීය.
3. සීතාවක ප්‍රාදේශීය ජනනායකයෝ විජයබා කොල්ලයට පෙර සිටම මයා දුන්න කුමරු සමග සම්බන්දතා පැවැත්වු අතර භික්ෂූන් වහන්සේලාගේ අශිර්වාදය මයාදුන්න කුමරුට හිමිවීම නිසා ජන නායකයන්ගේ පක්ෂපාතීත්වය ලැබින.
4. සීතාවක නුවර පිහිටියේ කැලනි ගංඟා මිටියාවතේය. සීතාවක ගඟ, ගැටහැති ඇල, ආදී ජල මාර්ග වලින්ද අතුරු වාරිමාර්ග වලින්ද වී ගොවිතැන සරුසාර විය. ගොඩ ගොවිතැනද දියුනුව පැවතීම නිසා කෘෂිකර්මාන්තයේ ‍තෝතැන්නක් බවට සිතාවක පත්ව තිබීම.
5. රජදරුවෝ රාජධානි ඉදිකිරීමේදී ආරක්ශාවට මුල්තැන දුන්හ. ඒ බව සීගිරිය, දඹදෙනිය, යාපහුව වැනි රාජධානි උදාහරන වෙයි. එක පසකින් අහස් අරා නැගී මනියම්ගම ගිරිදුර්ගයෙන්ද , සැඩ දිය කදක් සයුරට ගෙනයන සීතාවක හා කැලනි ගංඟා ජල දුර්ගයේන්දක‍ටුපදිරි සහිත වනාන්තර පිරි වන දුර්ඝයෙන්ද නිරන්තර මඩ ගොහොරු සහිත වගුරු බිම් සහිත පංකජ දුර්ගයෙන් යුත් ස්වභාවික ආරක්ශක ස්ථානය මායදුන්න කුමරු අගනගරය කර ගත්තේය.
මායදුන්න කුමරුගේ නියෝග මත , ආර්ය නම් ඇමතිවරයා රජමාලිගාව, රාජසභාව, පරිවාර මාලිගාවන් , මංමාවත් මල් උයන් ආදියෙන් පිරි සුන්දර නගරයක් බවට සීතාවක නුවර පත්කලේය. එතැන් සිට මායාදුන්නේ රජතුමා හා එතුමාගේ පුත්සීතාවක රාජ සිංහ රජතුමා මව්බිම විනාශ කිරීමට පැමිනි පෘතුගීසීන් හා ඔවුන්ට පක්ශපාතී කෝට්ටේ හා කන්ද උඩරට පාලකයන් පලවා හරිමින් ක්‍රි.ව. 1592 වන විට කොලඹ කො‍ටුව හා යාපනයේ සුලුබිම් තීරයක් හැර මුලු ලංකාවම සීතාවක රාජධානියට අයත්කර ගත්හ.
ක්‍රි.ව. 1592 සීතාවක රාජසිංහ රජතුමාගේ අභාවයත් සමගම සීතාවක නුවර පරිහානිය ආරම්භවිය. රජකමට පත්වූ රාජසූරිය කුමරු හා යුවරජ ජයසූරිය යන කුමාරවරුන් අරිට්ඨි කීවෙන්ඩු ලවා  ඝාතනය කර රාජසිංහ රජතුමාගේ සොයුරියවන මහාබිසෝබන්ඩාර දේවියගේ “මත්තමගොඩ දේවිය, රත්නාවලී දේවිය” මුබුබුරු පස් හැවිරිදි නිකපිටිය බංඩාර කුමරු රජකමට පත්කර ගන්නා ලදී. මහා බිසෝ දේවිය රාජ අනුශාසක වූ අතර අරිට්ඨි කීවෙන්ඩු මහා සෙන්පති තනතුරට පත්විය. රජකම පිලිබඳව අරිට්ඨි කීවෙන්ඩු ද වැයම් කල නිසා සිතාවක රජ පවුලත් සමග අමනාප වූ අරිට්ඨි කීවෙන්ඩු ක්‍රි.ව. 1593 දී කෝට්ටෙට පලා ගොස් පෘතුගීසීන්ට එකතු විය. පෘතුගීසීන් හා කෝට්ටේ සේනාව සමග පැමිනි අරිට්ඨ කී වෙන්ඩු ක්‍රි.ව. 1594දී බිහිසුනු සටන් කොට සිතාවක අගනුවර යටත්කර සීතාවක රජ පවුල සිරබාරයට ගත්තේය. කෝට්ටේ ධර්මපාල රජතුමා සීතාවකට කැදවා රජ බවට පත්කලේය.  දුමිඝු කොරයා හෙවත් එදිරීල්ලේ රාල විමලධර්මසූරිය රජතුමාගේ සහය ඇතිව පෘතුගීසීන්ට විරුද්දව සේනාව මෙහෙයවා සීතාවක බෙරාගෙන පෘතුගීසි විරෝධී බලවේගයක් බිහිකලේය.එහෙත් ක්‍රි.ව. 1596දී මෙම විරෝධාර සිංහලයා පෘ.තුගීසීන් විසින් මරාදමන ලද අතර ක්‍රි.ව. 1603 දී අන්තෝනියෝ බරෙන්තු හෙවත් කුරුවිට රාල සීතාවක , කුරුවිට මධස්ථානයක් කරගෙන පෘතුගීසී විරෝධී නිදහස් සටන ක්‍රි.ව. 1618 දක්වා බිහිසුනු සංග්‍රාමය කරමින් පෙරටම ගෙන ගියද , රත්නපුර ලෙල්ලුපිටියේදී සිදුවූ බිහිසුනු සටනේදී මරනයට පත්විය. පෘතුගීසී විරෝධී නිකපිටියේ බන්ඩාර ක්‍රි.ව. 1616දී පෘතුගීසී විරෝධී සීතාවක බලවේගය පෙරටම ගෙන ගිය අතර , නිකපිටියේ බංඩාරයන්ගේ මරනයත් සමග සීතාවක වීරවරයන් හා රාජධානිය පිලිබඳ මතකය ඉතිහාසයේ සැගවී ගියේය.