උක්ත යුගය වසර තෙසැටක සීමාවන කාලපරිච්ච්ඡේදයෙකි. මුලදී කෝට්ටේ රාජධානියේ උප රාජධානියක් වූ අතර පසුව මයාදුන්නේ ක්‍රි.ව. 1510-1580, පලමුවන රාජසිංහ ක්‍රි.ව. 1580-1592 රාජ්‍යෝදයන්හි ප්‍රධාන රාජධානියක තත්වයට පත්ව තිබින.
ගම්පල පස්වන බුවනෙකබා දියුනු කල ගම් ප්‍රදේශයන් අතර, මායාදුන්න රටද එකකි. එය වර්ථමාන කාලයේ සතර කෝරලයට අයත්ය. “මහපටුනු ගම් වලින් සැදැම් ලද රට මයාදුන්න යැයි දත යුතු” යි. ” ත්‍රිසිංහල කඩයිම් හා විත්ති” නම් කෘතියෙහි සදහන්වේ.
උක්ත මායදුනු නුවර නම් සීතාවකයි. මේ අවධියේ ඇත්ත වශයෙන්ම පෘතුගීසී ආක්‍රමනයට ගොදුරු වූ කොළඹ ඇතුලු මුහුදු ප්‍රදේශ මහත් වියවුල් සහගත් අසහනකාරී තත්වයක පැවැත්තේය. තොටගමු විජයබා, කෝට්ටේ පැරකුම්බා, පැපිලියාන සුනේත්‍රා මහාදේවී, කරගොඩ පත්මාවතී, දෙවුන්දර ඉ-රුගල් තිලක, වීදාගම, ශ්‍රී ඝානානන්ද ,කැලනියේ ගථාර වැනි සමස්ථ ශාස්ත්‍ර ශාලා සියල්ලම පාහේ උක්ත අරගල නිසා අකර්මන්‍ය වෙමින් පැවැත්තේය.
