ටිකිරි කුමරු නිර්භීතය. රණ ශූරය. ජනංප්‍රියය. තම පියා සමග සේනා මෙහෙයවූ ඔහු පසුව පියා වෙනු වෙන් සේනා මෙහෙය වීය. සෙම්පති වශයෙන් සේනා මෙහෙයවීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? රජවී සේනාංක මෙහෙයවීමයි සිදූ ටිකිරි කුමරු කල්යල් බලා පියා මැරවූ බවට එන ජනංප්‍රවාදයක් ඇත. ටිකිරි බංඩාරයන්ට පියා බොහෝ සේ ඇලුම් කලේය. මෙය අනාගතයේදී රජ කමටද ප්‍රශ්නයක් වේ යැයි සිතූ අනෙක් කුමාරවරු ටිකිරි කුමාරයන්ව මාලිගා භූමියේදී මැරවීමට කුමන්ත්‍රනය කලේලු. මෙය පිය පුතු දෙදෙනාටම සැල විය. නමුත් දෙදෙනාම ඔවුන් ඔවුන් සමග මේ ගැන සාකච්චා කලේ නැත. කුමන්ත්‍රනය සිදු කිරීමට නියමිත දින රාත්‍රියේ දෙදෙනාම එකි නෙකාට නොදැනී සැගවී සිටියේය. හදිස්සියේ කුමරාගේ නෙත සැගවී සිටින රජු වෙත යොමු විය. කළුවරේ සිටින අය කුමන්ත්‍රන කරුවෙක් යැයි සැක සිතූ කුමරා වහා ඉදිරියට පැන පියාව කොටා මැරුවේලු. පසුව මෙම සිද්ධිය ප්‍රචාරය වී ඇත්තේ පුතා විසින් වුවමනාවටම පියා මැරූ බවට යැයිද මතයකි.
ටිකිරි කුමාරයන්ට විශේෂ යුධ පුහුනුවක් ලබා දීමට සිතූ මයා දුන්න රජතුමා ඔහු විශේෂ ගුරුවරයෙකු වෙත යොමු කලේය. පුතාගේ දක්ශකම් ගැන නොබෝ දිනකින් රජතුමාට දැන ගන්නට ලැබුනි. පුතාගේ හරඹ පුහුනුව තමාටත් දැකබලා ගත යුතු බව සිතූ රජතුමා ගුරුවරයාගේ අනු දැනුම ඇතිව එක් දිනක් හරඹ පිටියේ විශේෂයෙන් ගොඩ ගසන ලද පිදුරු කන්දක් තුලට වී බලා සිටියේය. ඉතා දක්ෂ ලෙස හරඹ පුහුනු වූ කුමරා තම පුහුනුව හමාර කලේ වෙනදා එතැන නැති පිදුරු කන්ද මතට පැන කඩුව වේගයෙන් එහි ඇනීමෙනි. අවාසනාවකට මෙන් සැගවී සිටි රජුට කඩු පහර වැදි මිය ගියේලු.
ටිකිරි කුමාරයා අතින් මරනයට පත්වීම කුමාරයන් අපකීර්තියට පත්කිරීමට ගොතන ලද ප්‍රලාපයක් වශයෙන් සමහරු දක්වති. පියා විසින් පුතාට රජකම බාරදී තිබියදී එසේ කිරීමට ඔහුට අවශ්‍යතාවයක් නොතිබුන බවටද තර්කකරන ඒ අය කුවේරෝස් නම් පෘතුගීසී ලේඛකයාද පිය පුතුට රජකම භාර දී තුබුන බව සදහන් කර ඇතුයි පවසති.
ටිකිරි බංඩාර පියා පියා මැරවීමට යම් කිසි පිරිසකට බාරදී ඔහු පෘතුගීසීන් සමග යුද්ධයකට ගියේලු. සටන ජයගෙන කුමරා ආපසු එන විට රජතුමා ජීවතුන් අතර නිසිටි බවද මෙම මරනය වස විෂ පානය කිරීමට දීමෙන් සිදුකරන ලද මරනයක් නිසා පිටපතුමාලා දියක් නොතිබුන නිසා මහලු වයසට සිදුවූ මරනයක් බවට ප්‍රචාරය කරවීලු.