මැණික් කැට මතුවන අඩවියේ ජන බසට, ජන වහරට අනූව , රත්නපුරයේ වෙසෙන වැඩි දෙනා මැණික් කාරයෝය. ඔවුනට වාසනාව ගෙන දෙන්නේ ගල් වලිනි. ගල් යනු නැණික් ය. ඒවායින් ධනය ලැබ සරුසාර වන්නෝ බොහෝය. එබැවින් මැණික්කාරයෙන් වූ කලී ලක් කරයන්ය. ගල් හෙවත් මැණික් ගල් ගැරීමට නම් පතල් කපන්නට ඔනෑය. පතලක් කපනවා යන්නෙහි තේරුම මැණික් මතුවන භූමියක පතලක් කනිනව යන්නය. ඒ කාරිය කරන්නේ පතකාරයන්ය. ඔවූහු පතල් කපා ගල් ගරති. මැණික් මුදලාලිලා හෙවත් මැණික් කාරයන් පැමින ඒවා මිළඳී ගනිති. ඔවුනට ගල හොඳට වැදුනහොත් පතල් කාරයාගේ ලක් එකය. මැණික් මතුවන අඩවියේ ගමකට ගිය විට හරි අපූරු කථා අසන්නට ලැබේ.
ඇතැම් හු පතල් කපති. සමහරු පතල් යති. තවකෙක් ගරන්නට ගොසිනි. මොකද මේ දවස්වල? යැයි විමසූ විට පතල් යනව අයනුවෙන් පිලිතුරු දෙති. මේ වචන සියල්ලෙන්ම විස්තර කෙරෙන්නේ මැණික් මතුවන අඩවියේ ජීවනෝපායයි. එනම් මැණික් ගැරීමේ කර්මාන්තයෙහි නියැලී සිටීමයි.
පතල් යාම හෙවත් මැණික් ගැරීම වූකලී රත්නපුරය ප්‍රමුක මැණික් මතුවන අඩවියේ ප්‍රධානතම සහ පැරනි තම කර්මාන්තයයි.
මැණික් ලැබීම වාසනාවන්ත වුවද පතල් කැපීම නම් ඉතාමත් දුක් බර රස්සාවකි. ඒ නිසා පතල් නිතරම බරපතල්ය. කොයි හැටි වෙතත් යමක් කමක් හදා ගන්නට නම් ගල් කෑල්ලක් සොයන්නටම ඔනෑය. හොඳ ගල් හම්බවන තැන් වල මිනිසුන් දාහ හමාර වැටී වැඩ කරන්නේ ඒ නිසාය.
ඉස්සර රත්නපුරයේ විසුවෝ මැණික් ගරන්නට ඇලහර ගියහ. අප කුඩා වුන් සන්දියේ බොහෝ දෙනා කථාකලේද ඇලහැර යාම ගැනය. ඇලහැර ගියෝත් ඉතින් ගල් කෑල්ලක් ගරා ගෙන එන්නට පුලුවනි. ඔවූහ ඇදවූහ.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාවුලට නුදුරු ඇලහැර අඹන්ගඟ ආශ්‍රිතවත් මාතලේ කළු ගඟ ආශ්‍රිතවත් පැතිර ගිය භූමි භාගයකි. ඒය හොඳට ගල් හම්බවෙන ප්‍රදේශයක්ද වේ. ඇලහැර යාමෙන් හොඳට වාසි වුන අය බොහෝය. කොතැනින් හමු උනත් ගල් බලන්නේ උඩට අල්ලා හිරු එලියට හසු කිරීමෙනි. එහෙත් උඩ බලන්නටවත් දලං කෑල්ලක් නොලැබ ආපසු ගමට ආ අයද එකල වූහ. දලං කෑලි කියන්නේ බොහෝම කුඩා මැණික් වලටය. නිතර නිතර ගල් හම්ම්බ වන අය චාන්ස් කාරයන් හෙවත් වාසනාවන්තයන්ය. ඔවුන්ට කොතන ගියත් චාන්ස්ය.
ලගපත තැනක පැතල් කෑපීම පතල් යනවා කියා හැදින් වුවද ඇලහැර වැනි දුර බැහැරක යාම ජනවහරට එකතු වූවේ ගරන්නට යනවා යනුවෙනි. අපේ මනුස්සයත් ගරන්නට ගිහින් එකල කාන්තාවෝ කීහ. මෙසේ දුර බැහැරක ගරන්නට යන පිරිස නඩයකි. නඩක් සංවිධානය කරන්නේ වියදම් කාරයෙකි. වියදම්කාරයා යැයි කියන්නේ මුලුනඩයටම මුදල් වියදම් කරන පුද්ගලයාටය. ගැරුම් උපකරනද සමග නියමිත ස්ථානයක ලගා වන නඩය මුලින්ම කරන්නේ වාඩියක් ගැහීම හෙවත් නෑවතීම පිනිස තාවකාලික මඩුවක් තනා ගැනීමටය. එය නැවතුම් වාඩිය යැයි ඔවුන්ගේ අහර පිනිස වාඩි බත් වඩි හොද්දත් ඉදීන්නේ එහිදීය. ඉයුම් පිහුම් කටයුතුද දිනකට එකා බැගින් මුලු නඩයටයම බෙදී යයි.
මෙසේ ටික කලක් ගත කරන විට වාසි හෙවත් මැනික් ලැබෙන්නේත් නැත. ඒ මදිවාට වියදම් හෙවත් හාල් පහේද ඉවර වේ. එවිට නඩයේ දෙතුන් දෙනෙක් වියදම් ගෙන යන්නට හෙවත් මුදල් ටිකක් ගෙන යන්නට ආපසු ගමට එති. මැණික් ගරන්නට දුර බැහැර ගිය අය අපසු ගමට එන්නේ බොහෝ විට වාසිඋනාමය. එනම් වටිනා මැණික් ගල් ලැබුනාමය. එබැවින් ගමට එන ගැරුම් කාරයන් දකින සමහරු කොමද වාසි වෙලා වගේ යනු වෙන් විමසති. තවම කිසිදු වාසියක් නැති බැවින් ඒ ප්‍රෂ්නයට පිලිතුරු ලැබෙන්නේ නැහැ තාම ඒ හැටි වාසියක් නෑ. මේ වියදම් ගෙනියන්න ආවා යනුවෙනි.
– පොත පත ඇසුරෙනි.
