අතීතයේ විසුවෝ මැණික් අරභයා සුමන සමන් කතරගම මංගර සහ්ග බහිරව ආදී දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වූහ. භාරහාර වූහ.
ජ්‍යොතිසයේදී ද මිනිසුන්ට මැණික් ගැන උගන්වයි. මිනිස් ජීවිතයේදී ඇතිවන විවිධාකාර විපත්, අපල උපද්‍රව ආදියෙන් මිදීම පිනිස අදත් මිනිස්සු මැණික් පලදිති. “නවරත්න” පැලඳීම ඒ අතර ප්‍රධානය. නවරත්න පලඳින්නේ නවග්‍රහයන්ගෙන් ශාන්තිය උදාකර ගන්නටය. ග්‍රහලෝක සහ මැණික් අතර විශ්වීය සම්බන්දයක් ඇති බව, මිනිස්සු විස්වාස කරති. නවරත්න මුදු හෝ මාල සදහා, රතු, නිල්, ගොමේද, පසිංගල්, කාක්නිල්, තෝරමල්ලි, අර්නූල්, වෛරෝඩි, දියමන්ති හෝ සුදු නිල් යන මැණික් භාවිතකරති. නවරත්න මුදු පලදින්නේ සෙනසුරු අපලෙටය. රාහුගේ අපලයට, ගෝමේද, පුෂ්පරාග සහ පසිංගල් එකට අල්ලා පලඳින සිරිතක්ද තිබේ. පොදුවේ සෑම අපලයකටම ගෝමේද පලදින අයද, අඟහරු සහ සිකුරු අපල වලට කාක නිල් පලඳින අයද සිටිති. මේවා කෙරෙන්නේ ජ්‍යොතිසයට අනූවය.
යටගියා වෙහි සිට අද දක්වා පැවත එන මේ කථා තුලින් පසක් වන්නේ මැණික් වු කලී එකල පටන්ම අපේ ප්‍රධානතම කර්මාන්තයක් වූ බවය. මැණික් යනු අපේ ජන ජීවිතයේ කොටසක් බවය.
මුල් යුගයේදීම මැණික් බහුලවම මතුවූවේ සමනොළ කඳු වැටිය ආශ්‍රිත ගංඟා මිටියාවත් වලිනි. කළු ගඟ ආශ්‍රිතව, එහි අතු ගංඟා මංඩලය ඇසුරෙහි පිහිටි මැණික් නිධි හේතු කොටගෙන රත්නපුරයෙන් මැණික් බහුලවම මතුවීම ඊට නිදසුන්ය. මැණික් බහුලව හමුවන වලවේ ගඟ, කුරුගඟ, වේ ගඟ, සීතාවක ගඟ, කාසල්රී ජලාශයට දියවර සපයන කෙහෙල්ගමු ඔය(බොගවානා ඔය) වැනි ගඟාද පිහිටියේ සමනොළ කඳුවැටි ආශ්‍රිතවය. ශ්‍රීපාද වන්දනා සමය අරඹා සමනොළ ගිර මුදුනෙහි පහන් දැල්වූ පසුව මැණික් ලැබීම් බහුලවන බවට ඇදහීමක්ද මැණික් අඩවියෙහි ඇත.
වර්ථමානයේ මැණික් බහුලවම හමුවන්නේ රත්නපුරය, මොනරාගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වලිනි. එහෙත් අනුරාධපුරය, කන්තලේ, අවිස්සවෙල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත, දෙනියාය, පුත්තලම දිස්ත්‍රික්කයේ “වනාත විල්ලුව” යන ප්‍රදේශයෙන්ද මැණික් ලැබෙයි. ප්‍රවීන මැණික් විශේෂඥයෙකු වන රත්නපුරේ භද්‍ර මාරපන මහතා පවසන්නේ, ලංකා භූමියෙන් දහයෙන් නව කොටසකම මැණික් පිහිටා ඇති බවය. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් භූවිද්‍යා මහාචාර්ය C.B.දිසානායක මහතා කල පර්යේක්ෂන මගින්ද හෙලිවුයේ ලංකා භූමියෙන් සියයට හැත්තෑවකම මැණික් සම්පත් ඇති බවය.
පොත පත ඇසුරිනි