විශ්වය දෙසින් කථන්දරය කියවීමේදී වඩාත් අපූරු බවක් ගෙනෙනවා. හිතන්න, ප්‍රාථමික තරු අළු සෙලවුමකට අපමනක් අසමත්වීම් වලින් පසුව හැකි වෙනවා සොබා දහමෙන් වියුත්ත වන්නට. යම් ස්වධීනත්වයකට පත් වෙන්නට. තම ප්‍රාථමික ස්වභාවයන් වන කනබොන, අඳින පලඳින , ඉන්න හිටින හා කරන කියන කාරනා වටා ඔවුන් නිර්මාණය කරගන්නා අපූරු හා වඩාත් ආරක්ශිත මෙන්ම කාර්යක්ෂම සාධක වල මීලග තීරනාත්මක යුගය වන්නේ තම පසිදුරන්ගෙන් වියුත්ත දැනුමක් ඔවුන් වටා ‍රැස්කර ගැනීම විය යුතුය. කථන්දරය විදුලි වේගයෙන් සංස්කරනය වීම ආරම්භය මීලගට විය යුතුයි. එනම් කෘතීම බුද්ධියේ ආධිපත්‍ය ක්‍රමයෙන් පැමිනෙන්නට පටන් ගැනීමයි. ජීව ඉන්ජිනේරු විද්‍යාව ඔහුව ඇතුලතින් සංස්කරනය අරබනවා සේම කෘතීම බුද්ධි තාක්ෂනය ඔහු අවට ලෝකය වේගයෙන් විශ්ලේෂනය කිරීම අරබනවා.සමහර විටක එලබෙන දශක කිහිපය පෘතිවිය මත නිර්මාණය වූ පෙර කී සෙලවෙන තරු අළු සෙලවුම තව දුරටත් පෘතුවියට දැරිය නොහැකි තරම්ම අත්පත්කර ගැනීම් හා සංස්කරනය කර ගැනීම් වලට යාවි. පෘතුවිය මත නිර්මාණය වුනු මේ අපූරු සෙලවුම ඉදිරි ශතවර්ෂය තුල දී වත් ඔවුන්ව වසා ගෙන සිටින වලාකුළු ඉක්මවමින් තම ප්‍රධාන බැඳීම ඉක්මවා යාම මේ ප්‍රාථමික තරු අළු සෙලවුමක කථාන්දරයේ තවත් ප්‍රධාන පරිච්ඡේදයක ඇරබුම වේවි.
– Pubudu Siriwansa