රත්නපුරයේ සමහරු උදය වරුවේ රබර් කිරි පැපීම බඳු වෙනත් ජීවන උපායකද යෙදෙති. සවස් වරුවට පතල් කපති. ඒවා වරු පතල් බව ජනවහරේ කියවේ.
ගොඩ බිම පමනක් නොව ගංඟා ඇල දොල පතුලේදී මැණික් ඉල්ලම් පිහිටයි. ඒවා ගරන්නේ විශාල උදලු තලයක් දිගු රිටක අමුනා ගඟ මැඳ ඇදී මෙනි. ඒ කාරිය කරන්නේ ඇදුං උදැල්ලෙනි. මේ පතල් විවාහාරයෙහි එන්නේ ඇදුම් පතල් යනුවෙනි. ඇදුම් පතල් වල වැඩ කරන අය ඔලුගංතොටට නුදුරු වලවේ ගඟද නිවිතිගල පිහිටි කරවිට ගඟ සහ නිරිඇලි ගඟේද කුරුවිට ගඟේද ඉඩෝර සමයට කළු ගඟේද ඇදුම් පතල් දැකිය හැකිය.
මැණික් මතුවන අඩවියෙහි වහරට අනූව පතලක් යනු මැණික් සහිත පස් ස්ථරය හෙවත් ඉල්ලම ගොඩ ගැනීම සදහා කනින වලකි. පතල් කැපීම යනු වෙන් ජනවහරෙහි එන්නේද මෙබඳුම කැනීම් ය. මැණික් පතලක් කැනීම වූ කලී මැණික් අඩවියට අනන්‍ය වූ ක්‍රම ශිල්පයද තාක්ෂණ ඥාණයද සංස්කෘතික අංගද සහිත පොඳු ජන කර්මාන්තයකි.
මැණික් පතල් ගැන කථා කරනවිට මුක්කරු පතල් ද අමතක කරන්නට බැරිය. මීට වසර සිය ගනනකට පෙර මැණික් ගැරීමට පැමිනි මුස්ලිම්වරු මුක්කරු යනු වෙන් හැඳින් වෙති. ඔවුන්පතල් කැපූ ස්ථාන මුක්කු පතල්ය. ඔවුන් ගැරු ස්ථාන මක්කරු ගරාපු තැන්ය. එවන් ස්ථාන හඳුනාගන්නේ එම ඉල්ලම සමග ඇති කොරොස් කැබලි වලනි. මුක්කරු මැනික් ගැරුවේ කොරස් වලන් බව ප්‍රකටය. එම ඉල්ලම් සමග හමු වන කොරොස් කැබලි මුක්කරු කොරොස් කෑලිය. මුක්කරු ගැරූ තැනක ගැරීම වාසිය. ඒ තැන්වල ආර්නූල් වෛරෝඩි යන මැණික් වැඩි පුර ලැබේ. අර්නූල් නම් මැණික කට නූල් හයකි.
වෛරෝඩියේ දිලිසෙන නූලකි. මේ ගල්වල පනුවන් සිටිති ඇදහූ මුක්කරු ඒවා ගැරූ තැන්වලම දමා යන්නට ගියහ.
මුක්කරු ගැරූ ඇතැම් තැනක් මුක්කරු ගොඩනැගිල්ලක් වශයෙන්ද ජනවහරේ එයි. යම්කිසි තැනක පතල් කපන්නට එන්නැයි අසල්වැසියෙකුට ඇරයුම් කරන ගැමියෙක් ඔහුගේ කනට ලංවී රහසින් මෙන් මෙසේද කියයි. එතන මුක්කරු ගොඩනැගිල්ලක්. මුක්කරු ගොඩැල්වල මැණික් ගරන්නට කවුරුත් බොහොම කැමතිය.
– පොත පත ඇසුරෙනි