කුරුනෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථානයකි. ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ප්‍රසිද්ධියට පත් ස්ථානයකි. රාජ්‍ය පාලන ස්ථානයකට වඩා ආරමයක් වශයෙන් ප්‍රසිද්ධවූ ස්ථානයක් වශයෙන් සැලකිය හැක්කේ මේ ස්ථානයේ ගුහාවක බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති ගුහ ලිපියක් ආශ්‍රයෙනි. මුන්ඩකොන්ඩපොල පූර්ව අනුරාධපුර යුගයේ සිට ජනාවාස ප්‍රදේශයක් වුවත් ලංකා ඉතිහසය හා සම්බන්ද ප්‍රථම අවස්ථාව මෙය යැයි සිතිය හැකිය. සීතාවක රාජ්‍ය සමය වන විට එදිරිමාන්න සූර්ය නම් ප්‍රදේශාධිපතියෙක් මෙහි බල පිහිටවා ගෙන සිටියේය. එදිරිමාන්න සූර්ය සීතාවක මායාදුන්නේ රජුට විරුද්ධව සිටි අයෙකි. වීදියේ බන්ඩාර පෑලෑඳ නුවරින් පලා ගොස් උඩරට සිටියේය. මායදුන්නේ රජුගේ නියමය පරිදි වීදීය බන්ඩාරට උඩ රටින් යන්නට සිදුවූ විට, ඔහු ගියේ මුන්ඩකොන්ඩපොල නුවරටය. තමා මෙන්ම වීදියේ බන්ඩාරද මායදුන්නේ රජුට විරුද්ධ නිසා එදිරිමාන්න සූරිය රජුගේ අවසරය පරිදි එහි නතර වීමට අනුමැතිය ලැබුනි. එහෙත් ඔහුට වැඩි කලක් සාමයෙන් සිටිය නොහැකි විය. එදිරිමාන්න සූරිය රජුගේ සේනාව හා තමාගේ සේනාව අතර ආරවුල් ඇතිකර ගත් විදියේ බන්ඩාර, වෙලායුධ ආරච්චිය ලවා එදිරිමාන්න සූරිය මරවා සත් කෝරල අත්පත් කර ගත්තේය. මුන්ඩකොන්ඩපොල නුවර සිට සත්කෝරලයේ කැරළි ඇති කිරීම නිසා මායදුන්නේගේ අවසරය පිට මුන්ඩකොන්ඩපොලට ගිය රාජසිංහ කුමරු වීදියේබන්ඩාර නුවරින් පලවා හැරීය. වීදියේ බන්ඩාර පුත්තලමටත් එතැනින් තම්මැන්නා අඩවියෙන් ඔබ්බටත් එලවා දැමූ රාජසිංහ, එදිරිමාන්නා සූරිය මැරූ වෙලායුධ ආරච්චියා උල හිඳුවා සත්කොරලය සන්සුන් කලේය. වීදියේ බන්ඩාර සත්කෝරලයේ මුන්ඩකොන්ඩපොල නුවර පාලනය කරමින් සිටි බවට පිලිගත හැකි ලිපියක් නාථගනේ කඳු බෑවුමක විහාරයට ගොඩවන පඬිපෙලක කොටා තිබී හමුව ඇත. ස්වභාවික විහාරයට ගොඩවන පඬිපෙලක කොටා තිබී හමුව ඇත. ස්වභාවික හේතූන් නිසා මැකී ගොස් ඇති මෙහි පේලි සමහරක් තවමත් කියවිය හැකිය.
“………. ශ්‍රී බුවනෙකභාහු අදහසට, වීදීයේ අදහසට, ධර්මපාල අදහසට ……………….. ට පිනට…………………”
යනුවෙන් කියවිය හැකි කොටසින් වීදියේ බන්ඩාර නාමය සදහන් වේ. මේ ලිපියේ කියවිය හැකි කොටසින් පින්තකා කල කිසියම් කටයුත්තක් ගැන සිතා ගත හැකිය. මේ නිසා වීදියේ බන්ඩාර සැලකිය යුතුකාලයක් මෙහි බලයෙහි සිටි බව සිතා ගත හැකිය.