අවිස්සාවෙල්ලට නුදුරු මිරිස්වත්ත ප්‍රදේශයට යාබදව කනම්පැල්ල රක්ෂිතයේ අක්කර හතලිහක වපසරියක පැතිරුන පුදබිමක් ලෙසට මුන්ඩිගල ශ්‍රී සුමනගිරි ආරන්‍ය සේනාසනය වේ. අක්කර 900ක් විශාල මෙම රක්ශිතයේ කොලඹ අවිස්සාවෙල්ල ප්‍රධාන මාවත සිට විනාඩි කිහිපයකින් පාගමනින් පිවිසෙන්නට හැකි දුරකින් මෙම පුදබිම වන අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ 1962දී පමන පලමුවෙන් ස්වාමීන් වහන්සේ නමක් බවුන් වඩන්නට මෙම ප්‍රදේශයට වැඩම කල මුත් නෙක ආකාරගත් පීඩාවන් හමුවේ උන්වහන්සේ 1072දී ප්‍රදේශයෙන් ඉවතට වැඩම කරන්නට කටයුතු කර ඇති බවකි. අනතුරුව 1983දී පමන තලගල භාවනා මධ්‍යස්ථානයට සම්බන්දිත ස්වාමීන් වහන්සේ නමක නැවත වැඩමකොට මෙම පුද බිම නැවත ස්ථාපනයට කටයුතු කර ඇති බවයි.පසුකාලීනව දහමට පමනක් නොව රට ජාතිය වෙනු ඇන් මහත් සේවයක් මෙම පුද බිම ඇසුරෙන් සිදු කරන්නට කටයුතු කර ඇති බව හදාරන්නන් පෙන්වා දේ.
අදටද කොළඹ දිස්ත්‍රික්කයේ වන විශාලතම මූකලාන ලෙසට ගැනෙන භූමියේ පිහිටි මෙම පුද බිම තුල සරන විට මහත් සැහැල්ලු ස්වාභාවික බවට සමීප අත්දැකීමක් අත්විඳින්නට හැකි වන අතර දහම වඩන ඇත්තන් වෙතට ඉමහත් සහයක් දෙන අපූරු පුද බිමක් ලෙසට කාගේත් ගෞරවයට පාත්‍ර වෙමින් පවතී. භාවනා කුටි රාශියක් සමග කදුමුදුනත පිහිටි අපූර්ව බුදු කුටිය අවසරයක් මත මෙම සෙනවුන වෙත පිවිසෙන්නෙකුට ගෙනෙන්නේ මහත් දහම් සුවයකි.
