පෘතුගීසීන් පෙරදිග පැමිනෙන අවස්ථාවේ දකුනු ඉන්දියාවේ කැලිකට් තොටින් හා පොන්ඩිචරි වැනි ස්ථාන වල මුස්ලිම්වරු වෙළඳ බලය ලබා ගෙන සිටියෝය. පෘතුගීසීන් හා මුස්ලිම් සටන් ඉන්දියාවේ ඇති වූ මේ වකවානුවේ ක්‍රි ව 1505 දී ශ්‍රීලංකවේ සිටි මුස්ලිම් වරු කලබල වූහ. පෘතුගීසි සේනාවට විරුද්ධව කෙරුනු සටන් වලදී කෝට්ටේ රජුට සහයෝගය දීමට ඉදිරිපත් වූහ. මේ නිසා සීතවක මායාදුන්නේ රජුට මුස්ලිම් සේනා සහය ලබා ගැනීමට පහසු විය.
පෘතුගාලයේ මහරජුගේ උපදෙස් පරිදි දෙවැනි වර ගෝවේ ආන්ඩුකාර ධූරයට පත් වෙළෙඳෝද පැසින්ඩා කොළඹ පෘතුගීසි හමුදාව ඉවත්කර වෙළඳ ගබඩාවක් පමනක් තබා ගැනීමට කටයුතු කලේය. ගබඩාවේ ආරක්ෂාව සදහා හමුදා නිළධාරීන් කිහිපදෙනෙකු පමනක් කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂාව යටතේ නතරකර ගනු ලැබීය. සීතාවක මයාදුන්නේ රජුගේ ආරාධනය පරිදි කොළඹ පෘතුගීසි බලකො‍ටුව විනාශ කිරීම සදහා කැලිකට් හි මුස්ලිම් රජහමුදාවක් එවීය. මුස්ලිම් සෙන්පතියා කෝට්ටේ රාජසභා වට ගොස් පෘතුගීසී හමුදාව ලංකාවෙන් පිටමං කිරීම ගැන ප්‍රශංසා කර ඉන්දියාවේ සටන් වලින් පෘතුගීසීන් පරාජය වූ බවද දන්වා සිටියේය. මෙහි සත්‍ය සහ අසත්‍ය විමසා බැලීමට් කොච්චීන් වරායට ගිය සිංහල දූත පිරිසට පෘතුගීසි සෙන්පතිද මෙම සේනාව අතින් මුස්ලිම් නාවුක හමුදාව විනාශ වූ බව දැනගන්නට ලැබුනි. මාස තුනකට පමන පසු කොළඹ වරායට පැමිනි මුස්ලිම් නාවික හමුදාවක් කොළම සිටි පෘදුගීසී හමුදා භටයින් අට දෙනා ඔවුනට භාරදෙන ලෙස බුවනෙකභාහු රජු ගෙන් ඉල්ලා සිටියේය. තමාගේ ආරක්ෂාව යටතේ සිටි හේවායන් පාවා දීම ප්‍රතික්ෂේප කල බුවනෙකභාහු රජු පෘතුගීසී භටයන් ටදෙනාගේ සහය ඇතිව සිංහල සේනාවක් යවා මුස්ලිම් හමුදාව පරාජය කලේය. දිවිගලවා ගත් මුස්ලිම් වරු සීතාවකට ගොස් මායාදුන්නේ රජු හමුවුහ. කෝට්ටේ රාජ්‍යයට විරුද්ධව සටනට මුස්ලිම් වරුන්ගේ සහය ලැබුනොත් ලංකවෙ වෙළඳ පහසුකම් ලබා දිය හැකි බව මයාදුන්නේ රජ මේ පිරිසට දැන්වීය. මේ අදහස දැනගත් කැලිකට් හි සැමෝරියන් රජ සෙනවියන් තුන්දෙනෙකුගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් හමුදාවක් මායාදුන්නේ රජුට සහය වශයෙන් ලංකවට එවීය.
– පොත පත ඇසුරෙනි.