මෙහි පැමිනි මුස්ලිම් හමුදාව පිලිබඳව විස්තරය-
” මායාදුන්නේ රජ්ජුරුවෝ බ‍ටුගෙදර තුන් අවුරුද්දක් වැඩ ඉඳ සීතවකට වැඩ කෝලිකට්‍ටුවෙන් වඩ්ඩක් කරුවන් ගෙන්වා කුඩලිමරක්කලයන් ඇතුලු නිලමක්කාරයින් දෙන්නෙක් බොහෝ වඩාක් කරුවනුත් සීතාවකට ගෙන්වා යුද්ධය ආරම්භ කලාහ.”
යනුවෙන් රාජාවලිය වාර්ථා කරයි. මායා දුන්නේ රජු 1637 දී යුද්ධාධාර පිරිස කැලිකට් පාලක සැමෝරියන් වෙත දූතයන් යැවූ බවත් එහි ප්‍රථිපලයක් වශයෙන් පයිව්මර්ක තුන්හෙල මර්ක යන සොහොයුරන්ද අලි අබුහෙම් ද යන තිදෙනා හමුදා සහිතව ලංකාවට එවන ලද බව කූ‍තෝ, කේරෝස් යන දෙදෙනාම දීර්ඝ වශයෙන් විස්තර කරයි.
පෘතුගීසී ඉතිහාස කරුවන්ගේ විස්තරයක් රාජාවලි පාථයත් එකිනෙකට සංසන්දනය කිරීමෙන් කුඩලිමරක්කලයන් නම් කවුරුන් දැයි දැන ගත හැකිය. කෝලිකට්‍ටුව ලෙසින් ඉතිහාස කරුවන්ගේ වාර්ථාවලින් තහවුරු වේ. නිලමක්කාරයින් දෙදෙනෙක් ගැන රාජවලිය සදහන් කරතත් , පෘතුගීසී හා වෙනත් වාර්ථා අනූව තිදෙනෙක් පැමිනි බව පෙනේ. මේ අනූව කුඩලිමරක්කලයින් යනු වෙන් රාජාවලියේ සඳහන් වන්නේ ෆයිව්මර්ක, තුන්හලේ මර්ක යනුවෙන් පෘතුගීසී වාර්ථාවල සදහන් දෙදෙනා බව පැහැදිලිය. මේ පෘතුගීසී භාෂාවෙන් ලියන ලද මේ නම් දෙක ද්‍රවිඩ උච්චාරනය අනූව පච්චෙයි මරික්කාර් හා කුන්හාලේ මරික්කාර් කුශයෙන් උච්චාරනය කලයුතු බව පැහැදිලිය. තුනවන නිලධාරියා වූ අලි අබුහෙම් නම් අලි ඊබ්‍රාහිම්ය.
මේ නිලධාරීන් තිදෙනා සමග පැමිනි මුස්ලිම් හමුදාවක් සමග මායාදුන්නේ රජු කෝට්ටේ රාජ්‍යයට එරෙහිව සටන් වැදුනත් පරාජයට පත්ව දැරනියගලට පසු බැස්සේය. කෝට්ටේ හමුදාව සීතාවක ගිනිබත් කලහ. කෝට්ටේ රාජ්‍යය සමග සමාදානයකට කැමති බව දැන්වූ විට බුවනෙකබාහු රජුගේ ප්‍රථිචරය වූවේ වඩ්ඩක්කරුන් දුරුකල විට සාමදාන වියහැකි බවයි. කිසිවක් කරකියා ගත නොහැකි තත්වයට පත්ව සිටි නිසා බුවනෙකබාරජුගේ ඉල්ලීමට මයාදුන්නේ කමැත්ත දැක්වීය. වඩ්ඩක් කරුන්ගේ නරක හැසිරීම නිසා මායාදුන්නේ ඔවුන් සමග අමනාප වී සිටි බවද පෙනේ. පච්චෙයි මරික්කාර් හා කුන්හාලේ මරික්කර් යන සහෝදර මුස්ලිම් සෙනවියන් දෙදෙනා කෝට්ටේ නුවරට භාරදී සාමදානය ඇතිකර ගැනීමට මායාදුන්නේ රජු ඉදිරිපත් විය.
මායාදුන්නේ රජුට සහය පිනිස පැමිනි මේ මුස්ලිම් හමුදාවේ සෙසු අය තල්දූව, නාපාවල, ගුරුගල්ල වැනි සීතාවක රාජ්‍යයට අයත් ගම්වල පදිංචි කර වූහ. කෝට්ටේ රාජ්‍ය තුල සිටි මුස්ලිම් වරුන්ද පෘතුගීසීන් ගේ කරදර හිරිහැර නිසා සීතාවක රාජ්‍ය සීමාව තුල පදිංචියට ආහ. මේ ආ පිරිසටද ඉහතකී ගම්වල පදිංචියට අවස්ථාව සලසා දුනි. සමහර මුස්ලිම්වරුන්ට පටබැඳි නාමයන් පවා ප්‍රධානය කරන ලදී. දූවේගොඩ රණසිංහ මුදියන්සේලාගේ වැනි සිංහල පෙලපත් නාමයන් හිමි මුස්ලිම්වරු අදත් මේ ගම් වල සිටිති.
– පොත පත ඇසුරෙනි.