කඩුවෙල නගරය පසුකල විට අඹතලේ නගරය ආසන්නයෙන් ආරම්භවන්නේ මුල්ලේරිය වෙල් යායයි. එක් පසකින් කැළණි ගඟ දක්වාද අනෙක් පසින් කෝට්ට්ටේ නගරය ආසන්නය දක්වාද විහිද යන මෙම භූමිය අතිතයේ තීරනාත්මක යුධ භූමියක් විය. කඩුවෙල රග්ගහවත්ත අඹතලේ යුධ කදුවුරු පිහිටවා ගත් සීතාවක හමුදාවෝ කෝට්ටේ නගරයට ක්ෂනික ප්‍රහාර ගනනාවක් සිදු කලේ මෙම වෙල් යාය හරහා ගමන් කිරීමෙනි. මේ නිසාම සීතාවක හා පෘතුගීසී කෝට්ටේ එකබද්ධ හමුදා අතර බිහිසුනු සංග්‍රාම ගනනාවක් සිදුවූ ලෙයින් නැහැ වුනු බිමල් බවට මුල්ලේරියාව පත්ව ඇත.
ක්‍රි.ව. 1562 හා 1583 වසරවලදී අතිබිහිසුනු යුධ ගැ‍ටු සිදුවූ අතර බටහිර ජාතීන් පෙරදිගදී ලැබූ අන්ත පරාජය හිමි වූවේ මුල්ලේරියා වෙල් යායේදීය. 1600 කට අධික පෘතුගීසී සෙබලුන් හා දහස් ගනනක් කෝට්ටේ සෙබළු සමූල ඝාතනය කල මුල්ලේරියා මහ සටනේදී වෙලේ වතුර ලෙයට හැරවුනු බවත් ලේ ගල ගිය වල ලේ වල ලෙස අදත් දැකගත් හැකිය. මෙම ඓතිහාසික සංග්‍රාමය රාජාවලි කතුවරයා චිත්තරූප මැවෙන කදිම විස්තරයක් ඉදිරිපත් කර ඇත. මුල්ලේරියා වෙල්යාය සරුසාර කල විශාල වැවක්ද අතීතයේ තිබූ අතර එම වැවේ නටඹුන් වැව් බැම්ම අදත් දැක ගත හැකිය.