මැණික් පතලක වැඩට ගන්නා ආයුධ සහ උපකරනද ගනනාවකි. ඒවා බොහෝ විට මැණික් අඩවියටම ආවේනිකය. පතල් උදැල්ල සහ ඉල්ලම් කූර ඉන් ප්‍රධානය.
පතල් උදැල්ලේ මිට කෙටිය. එහෙත් බාස් උදැල්ල ඊට වෙනස් ය. එහි මිට රියනකට වඩා දිග නැත. වැඩ කිරීමෙන්ම පයටම ගෙවුනු උදලු තලයක් ඊට සවිකර තිබේ. පතලේ බාස්ට පමනක් පැවරෙන සීග්‍ර වැඩ හෙවත් බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් කල යුතු වැඩ සදහා ඔහු මෙම උදැල්ල භාවිතා කරයි. ඇතැම් කලබල අවස්ථාවක කෝ බාසා කොහාට උනාද? යනු වෙන් සොයන්නේ බාස් උදැල්ල මිස පතලේ බාස් උන්නැහේව නොවේ.
ඉල්ලම් කූර සහ කම්මිලි කූර මැණික් පතල් වැඩට නැතුවම බෙරි උපකරන දෙකකි.
ඉල්ලම් කූර කුඩා ගල් ඉන්නක් බඳුය. එහි දිග අඩි තුනක් පමන වේ. එක් පැත්තක් තියුනු උලක් ලෙසද අනික් පැත්ත පැතැලි පෙත්තක් වශයෙන්ද තනා ඈති ඉල්ලම් කූර භාවිතකරන්නේ ඉල්ලම් කැඩීමටය. ඊට අමතරව පතලේ බිත්ති සමතලාව සකස් කර ගැනීමටද ඉල්ලම් කූර භාවිතා කෙරේ.
කම්බිලි කූරද අපූරු උපකරනයකි. දිගිම් අඩි 12ක් වන එය අතේ ඇගිල්ලක් තරම් මහත යකඩ කූරකි. එහි එක් පැත්තක තියුනු උලකි. අනෙක් පැත්තේ යකඩය නමා වලල්ලක් සදා තිබේ. එයින් අල්ලා පොලොව යටට ඇන මැණික් ඉල්ලම් ඇති නැති බව සොයා ගැනීම කම්ම්ලි කූරෙහි රාජකාරියයි.
ඉල්ලම් කූර ඇතැමුන්ට යකඩය. එය ගෙවී කෙටි උන විට යකඩ කොටේය. ඉල්ලම් කූරක් නැති ගෙයක් දොරක් මැනික් අඩවියේ නැත. ලන්ඩේ යනු පතල වලදී පොලොව විඳීම සදහා භාවිතාකරන විශාල ප්‍රමනයේ ගල් ඉන්නකි.
කුඩා ප්‍රමානයේ වේවැල් කූඩ ඉනි බස්සන අත කොලුව වැනි උපකරනද මැණික් පතල් වැඩට ඇතිවම බැරිය.
නවකයන් වැඩ කරන පතල් වල භාවිතාවන තවත් උඅපකරනයක් වේ. ඒ මුල්ල හරවන අඬුවයි. පලපුරුදු පතල් කරුවෝ ඒහා පතලට ගිහින් මුල්ල හරවන අඬුව අරන් වරෙන් යැයි නවක පතල් කරුවන් එහා පතලට යවති. අපේ එකත් එකා පතලට ගෙනිච්චා යයි කියා ඒ පතලේ අය නවකයා අනික් පතලට යවති. ඒ පතලේදී ඔහුට ලැබෙන්නේ එවැනිම පිලිතුරකි. පතල් පොලේ සෑම පතලකටම ගියත් නවකයාට මුල්ල හරවන අඬුවක්නම් ලැබෙන්නේ නැත. මෙය විහිලුවක් මිස එබඳු අඩුවක් නැති බව නවකයාට වැටහෙන්නේ පතල් පොල වටේටම ගිය පසුව ය.
මැණික් පතල් වල ඇති තවත් ජනප්‍රිය විහිලුවක් වන්නේ තෙත්තියන් ඉල්ලාගෙන එන්නට පතලෙන් පතලට යැවීමය. කොතෙක් ගියද ඔහුට කිසිදු පතලෞයකින් තෙත්තියන් නොලැබේ.
තත්තියන් ඉල්ලන ඇතැමෙකුට ඇතැම් වැඩි හිටියෙකුගෙන් ලැබ්න්නේ තමුසෙට පයිත්තියන්ද වැනි ක‍ටුක පිලිතුරකි.
තත්තියන් තියනවා යැයි කියන්නේ කපන කොටන ආයුධවලට මුවහත තැබීමටය. එසේ වුවත් පතල් පොලවල් ආශ්‍රිතව මේ වචනය වෙනත් ගුප්ත අසැබි අරුත්ද පට බැඳ ගෙන තිබේ.
– පොත පත ඇසුරෙනි