හදාරන්නන් පෙන්වා දෙන්නේ මානියම්ගම කඳු වැටියේ උසම ස්ථානය අඩි 1410ක් පමන බවය. ජනංප්‍රවාදවල අනූව රාවණා රජුගේ යුධසෙනවියෙකුගේ දේහයක් කොබෝතුරා කන්දේ සඟවා ගල් කුලකින් වසා දැමු බවට පැවසේ. එම දේහය සහිත ගල් පර්වතය යකහ‍ටුවාව වූවා වෙන්නට පුලුවන. තවත් විටකදි යක්+හතුව යකහ‍ටුව වූ බවකි. මෙම කඳු මුදුනට සතර දිශාවම හොඳින් නිරීක්ෂනය කල හැකිවීම නිසාම රජ දවස ප්‍රධාන නිරීක්ෂන මුර පොලක් ලෙසට භාවිතා වූ බවට පිලිගැනේ. යකහ‍ටුවාව ආසන්නයේම වන අනෙකුත් පර්වත පංතිය කොබෝතුරාව වේ. මෙම කොබෝතුරාව සම්බන්ද පැවතෙන එක් රසවත් ජන කථාවකට අනූව මෙසේ කියවේ.යකහ‍ටුව මුරපොලේ සිට රජවාසල වෙතට එන සෙබලෙකුට කඳු පාමුලදී හිස සුන් විශාල මාලුවෙකුගේ සිරුරක් හමුව එය මාලිගෙය වෙතට ගෙන ආ බවත් හා දින කිහිපයක්ම මෙම සිදුවීම එලෙසම සිදුවූ බවත්, මෙසේ මාළුවෙකුගේ සිරුරක් කඳු පාමුලට වැටෙන ආකාරය සොයන්නට සෙබලුන් යොදවන්නට රාජ සිංහ රජතුමා කටයුතු කල අතර ඔවුන් නිරීක්ශනය කර ඇත්තේ කොබෝතුරා ගල් බෙනයක වන විශාල ලිහිනියෙකු මුහුදෙන් විශාල මාලුන් ‍රැගෙන විත් හිස කොටස පැටවුන්ට දී ඉතිරිය පහලට දමන බවකි. මේ බව දැන ගත් රජතුමාගේ අන පරිදි එම ලිහිනි පැටවෙකු අල්ලගෙන රජවාසලේ ඇති කරන්නට වූ අතර, එම ලිහිනි පැටවා රජතුමන් සමග ගමන් කරන්නට පුරුදු වූ බවත් වරක් මෙසේ යන එන අතර දු‍ටු මුවෙකුට පහර දීමට කටයුතු කිරීමේදී එක් පාදයක් මුවා මතත් අනෙක් පාදය ගසකත් ‍රැඳ වූ විට එම කුරුල්ලා දෙපලුව ගිය බවත් කියවේ. මෙම සිදුවීමෙන් කනගා‍ටුවට පත්වන රජතුමන්ගේ අනින් අටලුගම්- පනාවල් හා දෙහිගම්පල් කෝරල තුන සදහ වන කොඩියේ ලිහිණි රුව අයත් භේරුන්ඩ කොඩිය නම් කල බවත් කියවේ.