මෙවර Mobile World Congress (MWC) 2017 වලදී Nokia වෙතින් නිවේදනය වූ නිකුතූන් අතර, නවීකරනයක් සමග යලි පැමිනීමක් වූ Nokia 3310 කාගේත් අවධානයට ලක් වූවක් වෙනවා. එහිදී එම ආයතනය පැහැදිලි කර සිටියේ පැය 22ක කථා කාලයක් මෙන්ම මාසයක සූදානම් කාලයක්(standby time) ‍රැගෙන එන එම නිකුතුව 2.4-inch QVGA display එකකින් හා 2MP බලැති පසු කැමරාවකින් හා microSD සූදනමක්ද සහිතව මෙන්ම සරල දියුනු කිරීම් කිහිපයකි සමන්විත Snake game එකෙන්ද සමන්විත වන බවයි. වසර 2000 දී පමන පලමු නිකුතුවත් සමග මහත් අවධානයක් ලබා ගත් මෙම දුරකථනයේ මෙම නැවත නිකුතුව – Nokia 3310 –   red, yellow, silver වැනි වර්නවලින් තොරා ගැනීමේ අවස්ථාවද සමග මෙම වසරේ දෙවන කාර්තුවේදී ඩොලර් 52ක මිලකින් යුතුව වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.