එක් කලෙක සෘෂිවරුන් කිහිප දෙනෙකු එනම්, භෘගු, වශිෂ්ඨ, පුලස්ත්‍ය, අත්‍රි, අසිත, කාශ්‍යප, අඩිගිර, වාම දේව, ගෞතම, අගස්ත්‍ය, නම් ලත් මහා සෘෂිවරු අයහපත් තීරනයකට පිලි පන්හ. එනම් අයුර්වෙද පලමු උගැන්ම බිඳහෙලනු ලැබීමයි. එහිදී වරෙක අප සෘෂිවරු අයුර්වෙද මූලික සිද්ධාන්ත නොසලකා එම නියමයන්ගෙන් බැහැරව හැසිරුනි.ඒ මේ ආකාරයටයි.
නිරෝගී පුද්ගලයා අලුයම අවදි විය යුතු වුවද එය සිදුකලේ නැත. මල්, මුත්‍ර පහකිරීම් අවස්ථානුකූල සිදුකල යුතු වුවද එයද සිදුකලේ නැත. කසට, තිත්ත කුළු රසයකින් යුත් ද්‍රව්‍යයකින් දත් මැදිය යුතු වුවද ඒයද සිදුකලේ නැත. අලුයම ආහාර ගැනීමෙන් පසුවද මුඛය පිරිසිදු කලයුතු නියමද ඉ‍ටුකලේ නැත.
ඉද්‍රියයන් පීඩිත නොකලයුතු බව කියතත් පාලනය නොකලයුතු බව කියතත් එම උගැන්මට පි‍ටුපා යහමින් එය කඩ කිරීමේ යෙදුනි. ධර්ම අර්ථ කාමයන්ගෙන් බැහැර නොවිය යුතු බව දැක්වෙතත් එයද කඩ කෙරෙනි. එම වර්ග තුනට අයත් ක්‍රියාමාර්ගයන් වද්දාගෙන ඒවායෙහි ඇලී ගැලිනි.
සෘෂිවරයන් වන අප අතින් සර්වප්‍රකාර ආචාර ව්‍යවහාර, මධ්‍යම ප්‍රතිපදා බිඳ වැටිනි. ලොම්, නිය , ‍රැවුල, නිසි පරිදි නඩත්තු නොවිනි. දෙපය සහ මල මාර්ගය නොසැලකිල්ලට ගැනිනි. නිතර ස්නානය අත හැරිනි. සුවද ද්‍රව්‍ය භාවිතය, ඖෂධ වර්ග, සිද්ධ මන්ත්‍ර, රන් , මැනික් ගෙලෙහි සහ අතෙහි පැලදීම අත් හැරිනි.
පෙරදිගින් හමන වාතය, අවු රශ්මිය , තුෂාර, රළුවාතය භාවිතා කිරිනි. සිරුර සෘජුව තබා නොගැනීමද ආහාර වැලදීමද වකු‍ටුව නොසිටීමද , කිවිසීමද , රාමතෙල් ඇරීමද , කැහිමද , නිදී මද සිදු කෙරිනි.
මේ සියල්ලෙහි යෙදුනු අප සෘෂිවරුන් ගැමියන්ගේ අයහපත් හැසිරීම් රටාව අනූව යමින් ග්‍රාම්‍ය වූ ඖෂධ, ආහාර විහරනයන්හි යෙදෙමින් සම්පත් වඩාවා ලමින් අශෝබන තත්වය කින් හැසිරෙන්නට පටන් ගති. එසේ වූ විට මෙතෙක් සෘෂිවරුන් ලෙස ඉ‍ටුකල කාර්යයන්හි තව දුරටත් නියැලෙන්නට නොහැකි විනි. ඒ අසමත් කමක් බව සැබෑවි. මෙහිදී ඇතිවූ ප්‍රථිපලය අහිතකර නොවූ යෙන්ද මනස සහ ශරීරය පීඩාවට පත්කරන්නක් වූ යෙන්ද යම් දෝශයකි සෘෂිවරුන් පෙලෙන බව වැටහුනි. එබැවින් ම්ව සියල්ලෙන් මිදෙන මඟ සෙවූ කල්හි නැවතත් පෙර වැඩ සිටි පරිසර තත්වයට පැමිනිය යුතු බව වැටහුනි. එනම් , ශුභමය ස්ථානයක්, පෙදෙසක් කරා යන්නයි එනම් හිමාලයටයි.
හිමාලය උදාරයි. පවිත්‍රයි. පින් ඇත්තවුන්ට පමනක් උරුමයි. ගඟාවන් උපදියි. දිව්‍ය, ගාන්ධර්ව, යක්ෂ , කින්නර සොයනු ලබයි. අනේක රත්නයෙන් හෙබි අත්භූත ප්‍රභාවයන්ගෙන් යුත්තයි. ධර්මය, සාත්‍රය තිබුනු බ්‍රාහ්ම , සෘෂිවරුන් සංචාරය කරයි.දිව්‍යමය තීර්ථයක් වෙයි. ඖෂධයන්ගෙන් අනූනයි. සක්දෙවිදුන්ගේ ඇල්ම බැල්ම යටතේ පවතී.
හිමාලයට පැමිනි කල්හි සහස් ඇති සක්දෙවිදුන් සෘෂිවරුන්ට මෙසේ ප්‍රකශ කරන්නට යෙදුනි.
පින්වත් සෘෂිවරුනි මේ මාගේ ආශිර්වාදයයි. බ්‍රාහ්මය දන්න වූද , ඥානය සහ තපස ධනය කොට ඇත්තා වුවද සෘෂිවරයෙනි ගම්හි විසීමෙන් කරන ලද්දා වූ අයහපත් අශුබයත් අශුබයෙන් උපන් අනුබන්ධ හෙවත් අශුබ ලකුනක් බ්‍රහ්ම සෘෂිවරුන් යන ඔබ සැමගෙන් විද්‍යාමාන වෙයි. ගිලන් බවත් , බ්‍රභාහීනත්වයත්, ස්වර විකෘතියත් ශරීර විවරනයත් දක්නට ලැබෙයි. ග්‍රාම්‍ය වාසය අසබුයන්ට මුල්වී තිබේ. පින් නොකිරීම , සිරුර නො‍රැකීම , ගම්හි වාසය කිරීම , ප්‍රජවට අනුග්‍රහ නොකිරීම නුඹ හැම කල වරදයි.
බ්‍රහ්ම සෘෂිවරයන්ට ප්‍රජවට මෙන්ම මට ද අශ්විනි කුමරුන් දෙදෙනා දුන්නා වුවද ප්‍රජපතිගෙන් අශ්විනි කුමරුන් හට දුන්නා වූද, බ්‍රාහ්මයා ප්‍රජපතීට දායද කලා වුවද ආයුවෙදය නුඹලාද අනුගමනය කල යුතුයි.
ආයුෂ අල්පයි, ජරා, ව්‍යාධි, දෙකින් බහුලයි. අසුබයෙන් හටගත් අනුඛන්ඩනයෙන් යුත්තයි. එහෙයින් අසුබයි. තපස, චිත්ත දමනය වෘත , උපවාස කිරීම , ධානය, අධ්‍යාපනය මේ වා අල්පයි. මේ දෙන ආයුර්වෙද ශිල්පය උසස් බවින් යුත්තයි. තේජස් වඩවාලයි. අමෘතය වැනියි. යහපත් බැවින් පරිපූර්නයි.උදාරයි.

Dr mmm irshad