කැළණි ගංඟා මිටියාවත බල ප්‍රදේශය කර ගත් ප්‍රාදේශීය දෙවි කෙනෙකි. හිසෙහි ජටාවක් බැඳ අතේ සැරටියක් ගත් උපාසක ස්වරූපයක් රංවල දෙවියන්ගේ ප්‍රථිමාවල දැක්වේ. රංවල දෙවියන් දේවත්වයට පත්වීම පිලිබඳව රසවත් ජනකථාවක් පවතී.
කන්ද උඩරට රජකම් කල දෙවන රාකසිංහ රජතුමාගේ කාලයේ (ක්‍රි.ව. 1635-1687 ) රජ වාසලේ වී ගබඩාවක් කෑගල්ල අසල රන්වල ගමේ තිබුනි. මෙම ගබඩාව අස්වන්රාල (අලවතුරේ රාල) හ රන්කීරිරාල (ගනේගොඩ රාල) යන තරුනයන් දෙදෙනා ආරක්ශා කල අතර ඔවුන්ට ඊර්ෂ්‍යා කල පිරිසක් වී ගබඩාවට ගිනිතබා මුරකරුවන්ගේ නොසැලකිල්ල මත ගබඩාව විනාශ වූ බවට මහවාසලට දැන්වූහ. කෝපයට පත් දෙවන රාජසිංහ රජතුමා තරුනයන් දෙදෙනා අල්ලාගෙන ඒ මට රාජපුරුෂයන් රන්වලට එවීය. රාජ උදහසට බියෙන් මෙම තරුයන් රන්වල ගමෙන් පැනවිත් අරන්දරට පැමිනියහ. පහුරු දෙකක් තනාගෙන ගුරුගොඩ ඔය දිගේ කැළණි ගංඟ පහලට ගමන් කර අස්වන්රාල කපුගොඩ ප්‍රදේශයෙන්ද රන්කිරි රාල සියනෑකෝරලයෙන්ද නතර වූහ. අස්වන් රාල නතරවූ ගම නොදියුනු ගම්මානයකි. අස්වන්රාලගේ මග පෙන්වීම යටතේ කැලෑ එලිකර ඇලදොල අමුනු සකස් කර ගොවිතැන් සරුසාර කල අතර අලුත්ගම තමන් උපන් ගමේ නමවන “රන්වල” නම යෙදීය. ගමේ නායකත්වයට පත් ඔහුට කාගේත් ගරුබුහුමන් හිමි විය. උතුම් සාර ධර්ම ජීවිතයක් ගත කල අස්වන්රාල කැලණි ගඟ අසබඩ අසපුවක් තනාගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකලේය. අස්වන් රාලගේ පිහිට පතා අසරන ගම්වාසීන් මෙම අසපුවට පැමිනියහ. රාත්‍රී කාලයේ මෙම කුටිය අසල ගගේ පුහුල් පහන් පත්තු කිරීම නිසා ගඟේ ගමන් කරන ඔරුපාරු කරුවෝ ගල්වල නොගැටී යාත්‍රාකලහ. අස්වන්රාල මියගොස් “රන්වල මුත්තා” “රන්වල දෙවොයෝ” ලෙස දේවත්වයට පත්විය. රම්වල ඩ්ජෙවියන්ගේ හාස්කම් නිසා රන්වල දෙවියන් වඩාත් ජනප්‍රිය විය. ගොවිතැන් කටයුතු – ව්‍යාපාර – යාන වාහන – ලෙඩ දුක් ආදී කටයුතු වලදී රන්වල දෙවි පිහිට පැතීම සිදුකරන අතර, හිඟුරල- ඇස්වත්ත- මල්වාන- කපුගොඩ ආදී ප්‍රදේශ ‍රැසක රන්වල දේවාල ඉදිකර ඇති අතර පුවක්පිටිය නගරාසන්නව හිගුරල පිහිටි රන්වල දේවාලය රන්වල දෙවියන්ගේ ආශිර්වාදය නොමදව ලැබෙන දේවාලයක් ලෙස ප්‍රසිද්ධය.
– පොත පත ඇසුරිනි.