අප රටක් ජාතියක් ලෙසට වසරේ වැදගත්ම සංස්කෘතික සැමරුම ට සමාන්තරව, දේශපාලනිකව, ආර්ථිකව පමනක් නොව සංස්කෘතිකවද දැරිය නොහැකි තරමේ “කුනුගොඩක්” වෙමින් ඇති බවට සංකේතාත්මකව පවසමින් නිසි කලමනාකරනයට නොහැකිවීම මෙන්ම හා සෑබෑ ප්‍රශ්න සැගවීමේ අපේ ජාතික අනන්‍යතාවය තව දුරටත් පරිසරයට දැරිය නොහැකි බව හඟවමින් කුනු කන්දක් නාය ගොස් ඇත. හිටපු, පැමින ඇති මෙන්ම පැමිනෙන්නට වලිකමින් සිටින දේෂපාලකයන් මේ සදහා නෙක අකාරවලින් ගැලවිජ්ජා උත්තර දෙමින් ඇත. සංවේඳී ක්‍රියාකාරීත්වයයකට වඩා නිදිබර බව අගයන අදාල නිලධාරී අවකාශයද තමන් සැබෑ ලාංකිකයන් බව ඔප්පු කරමින් ගැලවිජ්ජා උත්තර සපයමින් ඇත.
නිසිලෙස ගැටලුවලට මුහුන දෙනවාට වඩා ඒවායෙන් සැගවීම අපහට දක්ශ කලාවක් වන්නේ කවදා සිටදැයි විමසීම වටී. ධනවාදය විසින් අසීමිත ලෙසට පොලබවන පරිභෝජනයේ අව්සන් ප්‍රථිපලය ලෙසට වන චෝදනාවේ සිට නැතිනම් අප විසින් අපව පාලනයට නිර්මාණයකරගෙන ඇති යාන්ත්‍රනවල කුනුවීමේ සිට පැමිනෙන්නට වෙර දරන දේශපාලන අර්ථ මෙවැනි ගැටලු වලදී හැසිරී ඇති “කුනු” ස්වභාවය ජීවිත කිහිපයක් බිලී ගනිමින් නාය ගිය කුනු කන්ඳ යලි අපට මතක්කර දෙමින් සිටී. පුද්ගල අර්ථවල සිට සමාජ අර්ථ දක්වා වන සමස්ථ අවකාශයේ පෙන්වමින් සිටින නවීන බව,නැණ උගත් බව, ධනවත් බව පිලිබඳ සැගව ඇති සැබෑ අරුත මොනවට පැහැදිලි කරමින් ජාතියේ කුනු කන්ඳ නයගොස් ඇත.
රටක් ලෙසට අතීතයෙන් ආඩම්බරය ගෙනෙමින් සිහින ලෝකයකදී සතුටු වීමේ සිට වර්ථමාන සැබෑ ආර්ථික, දේශපාලන ගැටලු වෙතට අවධානය යොමුකරන්නට පොලබවන සංඥාවක් ලෙසට එම අවසානාවන්ත තත්වය සැලකීමට අවශ්‍යතරම් බරපතල බවක් මෙම සිදුවීම ගෙනෙන ලද්දේද බව නුදුරු අනාගතයේදී දැක ගන්නට හැකි වනු ඇත. නොයසේනම් සුපුරුදු ලෙස “ගැලවිජ්ජා” ආකාරයේ විසඳුම්, සැඟවීම් ඔස්සේ මෙම සිදුවීමද ඉතිහාසය තුල සැගව යෑම පමනක් සිදුවනු ඇත.
