රටක පලනය රජෙකුගෙන් රජයකට මාරුවීම ප්‍රායෝගික කියවීමකදී වසඟයෙන් තර්කයට මරුවීම ලෙසට වටහා ගත හැක. මෙවන් පරිවර්ථනයකින් අනතුරුව තව දුරටත් පුරවැසියෙකුට පෙරදී මෙන් වඩාත් වසඟකරවන ආමන්ත්‍රනයේ සිට සංකේතීය ගරුබුහුමන් දක්වා අවකාශය අනවශ්‍ය වීම පෙර කී පරිවර්ථනයේ සාර්ථක බව පෙන්වන්නකි. ගරුකල මුත් එය වසඟය දක්වා දිගුවීම නව ප්‍රසූතිය පෙකිනි වැල ද සමග ජීවත් වන්නට උත්සාහ කිරීම වැන්නකි. යටත්විජිතකරනයේ සංස්කරනයෙන් පසුව සමහර රටවල් නව සංස්කරනය සමග සිටින්නද, තව ත් රටවල් වැඩි පැවැත්මේ කොටසක් ලෙසට පෙර සංස්කරනයට ආපසු යන්නටත් සමත් වූ අතර අප අසමබර ද්වීකරනයක සිරකරුවන් ව සිටින බව පැහැදිලිය, භෞතිකව අපගේ මංමාවත් වලින් බරකරත්තය ඉවත්කර දියුනු නවීන වාහන වලට යාමට හැකි වුවද මානසික තලයේදී දියුනු නව සම්ප්‍රධායන් වෙතට සාර්ථකව පිවිසෙන්නට හෝ සෙසු නවීන වටපීටාව හා සැසදෙන විකල්ප නිර්මාණය කරගන්නට අසමත්ව සිටිමු. රටවැසියාගේ සිට රටේ නායකත්ව්ය දක්වාම මේ අර්බුදයෙන් පීඩවට පත්ව සිටීම අප පැහැදිලි කරගත යුතු කාරනාවකි.
– Pubudu Siriwansa
