රත්නපුරේ වලවේ ගඟ ආශ්‍රිතව රත්තරං හමුවන බව ප්‍රසිද්ධ කාරනයකි. එහෙත් එය ඉතා දුර්ලභ පිහිටීමක් බව ප්‍රකටය. රත්තරං දුලභ හෙයින් වලවේ ගඟ ආශ්‍රිතව රත්ත්‍රං ගැරීමක් ගැන අසන්නටවත් නොලැබේ.
කෙසේ වෙතත් ඒ ප්‍රදේශයේ මැණික් ගරන අයට වරින් වර රත්ත්‍රං ලෝහ කැටි හමුවන බවත් , ඒවා උනු කර රත්ත්‍රං ගුලි සාදා විකුනන බවත් ප්‍රකට කාරනයකි. සමහරු ඒවායින් ආභරණ සදා ගනිති. නිධන් වස්තු හැටියට භාවිතා කරති.
රත්නපුරයේ පුරා වෘතවල එන හැටියට මීට බොහෝ කලකට ඉහත රක්වාන, සූරියකන්ද ප්‍රදේශයේ රත්තරං ඉල්ලමක් මතුවී තිබේ. ඒකථාව දිග හැරෙනේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට නතුව තිබූ 18 වැනි ශතවර්ෂයේ සිටය.
රක්වාන කඳු වැටියේ පිහිටි රක්වාන, රාජසිංහ වනය සූරියකඳ ආදී ප්‍රදේශ මුහුදු මට්ටමේ සිට මීටර් 1100 ක් තරම් උසය. ඒ නිසාම එම ප්‍රදේශවලට නුවර-එලියේ කඳු බොහොම සීතල දේශගුනයක් උරුමව තිබේ. බ්‍රිතන්‍ය පාලන සමයේ මෙහි පැමිනි යුරෝපීය වතුවැවිලි කරුවෝ රක්වාන සහ සූරියකඳ ආශ්‍රිත ප්‍රදේශයද සිය ග්‍රහනයට ගත්හ. ඔවූහු මහවනය කපා තේ සහ එනසහල් වගා කලහ. මුළු ප්‍රදේශයම සීතල පරිසරයකට ඇරුනු බැවින් “පුංචි නුවර එලිය යැයි නමක්ද පට බැන්දහ. වර්ථමානයේ සිංහරාජ වනයේ කොටසක් බවට පත්ව ඇත. මෝනින් සයිට් ද එකල තෑ සහ එනසහල් වගාවට නතුව තිබුනේය.
මෝර්නින් සයිට් වූ කලී, සීතල දේශගුනයෙන්ද , මීදුමෙන්ද දහවලට වුව ඒ තරම් හිරු එලියක් නොවැටෙන “හිමිදිරි ස්වභාවයෙන්” ද යුත් කඳුකර භූමිභාගයකි. බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවන්ගේ යුගයේදී රක්වාන අවට වතුවල ද්‍රවිඩ කම්කරුවන් මොර්නින් සයිට් හැඳින්වූවේ ” තංගමලේ” යනුවෙනි. දෙමළ බසින් තංගමලේ යනු රත්ත්‍රං කන්ඳයි. එකල මෝර්නින් සයිට් ප්‍රදේශයේ විසූ වැවිලිකාර බ්‍රිතාත්‍ය ජාතිකයා ඇතුලුව රක්වාන අවට සිටි වැවිලිකාර යුරෝපීයයෝ මොර්නින් සයිට් ඉසව්වේ දොලවල් ආශ්‍රිතව රත්‍රං ඉල්ලමක් ඇතිබව දැන සිටියහ. එකල ඔවුන් රත්ත්‍රං ගරා මහත් ධනයක් උපයාගත් බව ප්‍රකටය.
