රත්නපුර පදවිය ලංකාවේ මෙතෙක් ඉදිවී ඇති කොළඹ, හලාවත, යාපනය, මන්නාරම, අනුරාධපුරය, මඩකලපුව, අනුරාධපුර, ත්‍රිකුනමලය, ගාල්ල, මහනුවර, බදුල්ල, කුරුනෑගල ආදී සියලුම පදවි වලට වඩා වැඉ ජාතික ඓතිහාසික, ස්වභාවික, සංස්කෘතික ස්ථාන වලින් සමන්විතය. රත්නපුරය ප්‍රදේශයේ මීට වසර 25000 කට වැඩි කාලයට පෙර පටන් මනුෂ්‍ය වාසය පැවති බැව් සනාථ වේ. ක්‍රි.පූ. 25000 පමන පැරනි පොසීල යුගය හා ඉන් පසුව ඇතිව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට නූතන යුගය දක්වා සම්බන්දතවයක් තිබේ. රත්නපුර ඇලෝසියුස් විදුහල 1880 ආරම්භ කරන ලදී එවකට රත්නපුර මීසමේ සිටියේ පියරි බෝලින් පියතුමාය. පැල්මඩුල්ල, රජමහා විහාරය පෙරදිග භාෂා පඬිවරුන් බිහිකල අධ්‍යාපන පීඨයකි. ශ්‍රී විජයරාජසිංහ රජතුමාගේ (ක්‍රි.ව. 1739-1747) රාජ්‍ය අනුග්‍රහය ලැබී කුළුනු 16ක් මත ඉදිකර ඇති ටැම්පිට විහාරය අවුරුදු 400 කට වඩා පැරනිය. පන්සලේ බිතුසිතුවම් වල ඇති අටවිසි බුද්ධරූප බෞද්ධ සිද්ධීන් චිත්‍රගත කර ඇත. කන්‍යාමරියතුමීගේ රූපය හා ක්‍රිස්තු චරිතයේ ඇතැම් සිද්ධීන් බෞද්ධ විහාරයක දැකගත හැකි දුර්ලභ වටිනාකමක් එහි ඇත.
– පොත පතින් උපුටා ගන්නා ලදී.