කැළණි මිටියාවත හා සම්බන්ඳිතව කියවෙන ප්‍රාදේශීය දේවත්වයෙන් පිදුම් ලද නාමයකි රන්වළ දෙවියෝ.  හිසෙහි බැඳි ජටාවකින් හා අතින්ගත් සැරටියක්ද සමග මෙතුමන්ගේ ප්‍රථිමා අදද දැකිය හැක. මෙතුමන්ගේ දෙවත්වයට පත්වීමේ කථාන්දරය වඩාත් රස මුසුය. කන්ද උඩරට දෙවන රාජසිංහ-ක්‍රි.ව. 1535-1687- කාලයේදී රජවාසලට හිමි වී ගබඩාවක් කෑගල්ල ප්‍රදේශයේ රන්වල නම් ගමේ පිහිටා තිබුනු බවත් එය ආරක්ශාව භාරව සිටියේ අස්වරාල නොහොත් අලවතුරේරාල හා රන්කිරිරාල නැතිනම් ගණේගොඩ රාල බවටත් කියවෙන අතර මෙම තරුනයන් දෙදෙනා පිලිබදව ඊර්ශාවට පත්වන පිරිසක් රහසින් මෙම වී ගබඩාවට ගිනිතබා මෙම ආරක්ශකයින්ගේ වරදින් එය සිදුවූ බවට රජවාසලට දැවූ බවටත් සදහන් වේ. කෝපයට පත්වන දෙවන රාජසිංහ රජතුමා මෙම තරුනයින් කැදවාගෙන එන්නට රාජපුරුෂයින් එවන්නට කටයුතු කල අතර රජ උදහස ගැන බියට පත්වන තරුනයින් ඒම් රන්වල ගමෙන් පැනවිත් අරන්දර ප්‍රදේශයට පැමිනි බවටත් පිලි ගැනේ.
අනතුරුව මේ තරුනයින් දෙදෙනා පහුරු දෙකක් නිමවා ගෙන ගුරුගොඩ ඔය දිගේ කැළණි ගග පහලට පැමිනෙන්නට පටන් ගත් අතර අස්වන්රාල කපුගොඩ ප්‍රදේශයේත් රන්කිරිරාල සියනෑ කොරළය දක්වා පැමිනි බවටත් කියවේ. අස්වන්රාල පැමිනි නොදියුනු ගම්මානය දියුනු කරන්නට කෑළෑ එලි කොට, වැව් අමුනු  තනා ගොවිතැන් දියුනු කරන්නට මග පෙන්වමින් ගමේ නායකත්වය ගත් බවටත් සැලකේ.
එසේම උතුම්සාරධර්ම ජීවිතයක් ගතකල මෙම අස්වන්රාල කැළණි ගග අසබඩ තනා ගත් අසපුවක බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කල බවත්, නිරන්තරයෙන් ප්‍රදේශවාසීන් තම අසරනකම් වෙනු වෙන් පිහිට පතා මේ පැමින ගිය බවටත් කියවේ. රාත්‍රීකාලයේ මෙම කුටිය අසල පුහුල් පහන් දල්වන්නට මෙතුමා කටයුතු කල නිසා ගඟේයන එන ඔරු පාරු සදහා මහත් පහසුවක් ගෙන දුන් බවටත් පසුව මෙතුමා රන්වල මුත්තා ලෙසටද හැඳින්වූ බවටත් කියවේ. කාලයාගේ ඇවෑමෙන් මරනයට පත්වන මෙතුමන් රන්වල දෙවියන් ලෙසට පිලි ගැනෙන්නට පටන් ගත් අතර අදද හිගුරළ , ඇස්වත්ත, මල්වාන කපුගොඩ ප්‍රදේශවල රන්වල දේවාල ඉදිකර මෙතුමන් වෙතට පුද පූජා කරන්නට කටයුතු කරනු දැකිය හැක.