අවිස්සාවෙල්ල කොළඹ මහා මාර්ගයේ හුඟුරල පිහිටි “පහන” නමින් හැඳින් වෙන ස්ථානය අද ලක්දිව නොදත් කෙනෙක් නැති තරම්ය. මේ මහා මාර්ගය පසු කර වන්දනා ගමනක් හෝ වෙනත් ගමනක් ගියත් මේ ස්ථානයේ නැවතී පඬුරු ලා යන සිරිතක් ඇති නියාය. එසේ පඬුරු දමා යන්නේ පෙදෙසට අධිගෘහිත රන්වල දෙවිහාමුරුදුවන්ගේ බැල්ම නො අඩුව පවත්නා නිසාය.
ජනංශෘතිය අනූව එම දෙවියන්ගේත් මෙම ස්ථානයේ දෙවොලක් ඇති වීමටත් හේතු සැකවින් මෙසේය.
මහනුවර රාජසිංහ 2 (1635-87) කාලයේ මහවාසලට අයත් පත්තායමක්(වී ගබඩාවක්) බාරව අස්වන්රාල සහ රන්කිරිරාල යන නමින් තරුනයෝ දෙදෙනෙක් විය. මෙම වී ගබඩාව කෑගල්ලට නොදුරු රංවල පිහිටි අතර, මෙම නිලදරුවන් දෙදෙනා රාජපාක්ෂිකව තම යුතුකම් මනා ලෙස ඉ‍ටුකලහ. මේ දෙදෙනාගේ සේවයට ඉර්ෂාකල කොටසක් කල් යල් බලා වී ගබඩාවට ගිනි තැබූහ. එසේ කර පෙර කී දෙදෙනා පත්තායමට ගිනි තැබූ බව මහ වාසලට දැන්වීය.
රාජ උදහස ඔවුන් කරා එන බව මොවුන් දෙදෙනාගේ සමීප හිතවතෙකු වන කෝහල්පිටිරාල මගින් දැනගත් මේ දෙදෙනා වහාම ගමින් පිට විය. පැරනි සීතාවක මාර්ගය දිගේ අරන්දරට පැමින එතෙනින් ගුරුගොඩට ලගවී ගුරුගොඩ ඔය දිගේ පහලට ගමන් අරභන ලද්දේ ඉන් අනතුරුවය. ‍රැ බෝ වූ විට ගං ඉවුරේ ‍රැදී සිට පසුදින පහන් වූ විට ඔවුන් පහුරක් තනා ගැනීම සදහා අසල වනයට වැද වැල් සහ ලී සකස් කර ගත්තේය. අනතුරුව පහුර දෙකක් සාදා ගෙන ගඟ පහලට පැමිනි දෙදෙනා ගුරුගොඩ ඔයෙන් කැළනි ගඟට වැටී ඒ පහලට අවේය. මේ දෙදෙනාගෙන් අස්වන්රාල ගමන් කලේ කැළනි ගඟේ සියනෑ කෝරලය බද පෙදෙසෙනි. රංකිරිරාලගේ පහුර හේවා ගංකෝරලය බද පියසින් ගමන් කලේය.
සිය නෑ කොරලයේ , ගඟබඩ පත්තුවේ රංවල ප්‍රදේශයේදී අස්වන් රාලට මියුරු ගී නඳක් ඇසිනි. ඒ කාගේ හඬක් දැයි විපරම්කර අස්වන්රාලට ඒ ස්ත්‍රියකගේ බව පෙනුනි. ඔහු වහාම පහුර නතර කර සීපදයකින් තම පැමිනීම ප්‍රකාශකලේය. ඉන් අනතුරුව දෙදෙනා අතර පැවති කථා බහකින් දෙදෙනා මිත්‍ර විය. මේ වන තෙක් තම පහුර නතර කරගෙන සිටි රංකිරිරාල තම මිතුරාට වහාම පැමිනෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර එහි නතර විය. රංකිරි රාල තම පහුර පැදගෙන විත් සියනෑකෝරලයේ ගිරිදර නං ගමේ නතර විය.
අස්වන් රාල සහ ස්ත්‍රිය අනතුරුව ඒ අසල වූ ස්ත්‍රියගේ නිවසට ගොයේය. නමුත් නාශුනන තරුනයෙක් සමග පමිනි තම දුව පිලිගැනීමට දෙමාපියෝ අකමැති විය. ඒ අනූව ඔවුන්ට දම්ගල්ල ග්‍රාමයේ පිහිටි “ලැගුම් බිම” නම් ගල් ගුහාව තම සාව භූමිය කර ගැනීමට සිදුවිය. ඔවුන් හේන් කොටා ගොවිතැන් කල පෙදෙස හෙනේගම විය. මඩ ගොවිතැන්කල කුඹුර අස්වන් වෙල විය. අද එය අලුත් වෙල නමින් හැදින්වේ.
ටික කලකින් යුගදිවිය අත හැර දැමූ අස්වන්රාල කැළණි ගඟ අසල අසපුවක් තනාගෙන එහි හුදකලාව ගතකලේය. රාත්‍රී කාලයේ ඔහු තම අසපුව වටා පහන් පත්තුකලේය. විශේෂයෙන්ම ගඟේ ගල් පර අසල සහ ඒ මත් ඔහු පහන් දැල්වීය. ඒ ගගේ පහුර ගෙන යන අයට රුකුලක් විය. එපමනක් නොව ඔහු ගම්වාසීන්ටද උපදෙස් දෙමින් ඔවුන්ගේ වෙනත් අත්‍යාවශ්‍ය කටයුතුවලදී ඉදිරිපත්ව කටයුතු කරන පුද්ගලයෙකු බවටද පත්විය. මහලු වියට පත්ව මිය ගිය පසුද ඔහුගේ නාමය ප්‍රදේශ වාසීන් අතර මිය ගියේ නැත.
ජනංශෘතියෙන් මෙම නාමය මෙසේ ‍රැව් පිලි ‍රැව් දෙන අතර හිඟුරල (වර්ථමාන පහන් තිබෙන ප්‍රදේසේ) ගංමුලාදැනී ධූරයට රයිගම් විදානේ ලාගේ දොන් සීමන්ද අල්විස් මහතා පත්වූවේ 1860-85 පමන වනතෙක් ගම් මුලාදෑනි ධූරය දැරූ මේ මහතා, “පහන” අසල ස්ථානයක පැවති රජයේ තැබෑරුමේ රේන්දයද පුවක්පිටිය ඇලේ ගැල් එගොඩ කිරීමේ රේන්දයද ලබා ගත්හ. තවද තැබෑරුම අසල තේ, සිල්ලර කඩයක්ද ඒ මහතා ආරම්භ කර පවත්වා ගෙන ගියේය. මෙම වෙළඳ සැලට උඩරට ප්‍රදේශයේ සිට ද්‍රවිඩ ජාතික කොලුවෙක් නමින් “පොඩියන්” විය. ප්‍රදේශවාසීන් මොහුට “පොඩියා” යනුවෙන්ද ඊට පසුව “දෙමළ පොඩියා’ යනු වෙන්ද හැදින් වීමට පුරුදුව සිටියේය. මෙම පොඩියෙන් සතියේ කෙම්මුර දවස් දෙකේදී දැනට “පහන” අසල දුම්රිය මාර්ගය තිබෙන හරියේදී පුහුල් පහනක් පත්තු කිරීමට පුරුදුව සිටියේය. 1900-1902 කාලයේ දී දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ල දක්වා දීර්ග කලෙන් පහන් පත්තු කිරීම එතැනින් වෙනස් කර මහාමාර්ගය ‘තාර පාර” අසලට ගෙන ඒමට සිදු විය. පුහුල් පහන දැල්වීම අලංකාර දෙයක් වූ නිසා රාත්‍රීකාලය යට කී වෙළඳ සැල අසල තම කරත්ත නවත්වන කරත්ත කරුවෝද පහන් දැල්වීමට පුරුදු විය. මෙම ක්‍රමයෙන් ජංප්‍රියවීම නිසා දින පතාම රාත්‍රියට පහන් දැල්වීම ආරම්භවිය.
මෙම ස්ථානයට භාර හාර වීම එතෙක් පැවතියේ නැත. නමුත් ඇස්වත්ත- හිගුරල ගංමුලාදෑනී ධූරය 1914 කාලයේදී දැරූ දොන් ජූලියස් ජයවර්ධන මහතාට කකුලක තද බල රක්ත කුෂ්ඨයක් ඇති විය. නොයෙක් ප්‍රථිකාර කර ගුන නොලැබුන විට ඒ මහතා ඒල්ලක්කල දේවාලයෙන් පේනයක් ඇසුවේය. පේන ඇසීමේදී “පහන” ට හෙවත් රංවල දෙවිඳුන්ට භාරහාර වී නොකඩවා මාස තුනක් පහන් පත්තු කිරීමට නියම විය. ගම්මුලාදෑනි මහතාට ක්ෂනික ගුන ලැබුනේය. මේ බව ප්‍රසිද්ධ වීමෙන් පසු අහල අහල අයද භාර හාර වීමටත් රන්වල දෙවිදුන්ගේ පිහිට පැතීමටත් පුරුදු විය. අනතුරුව අද පිහිට පැතීම ගැන ශ්‍රීලංකාව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.