රෝගියාට ඇති අයිතියට එනම් තමන්ටද ප්‍රථිකාර සදහා ලබාදෙන ඖෂධ අලුත්ද පරනද යන්න හැන ගැනීමට ඇති අයිතියට වෙදැදුරු ගරු කල යුතුයි. යම් රෝගියෙකුට ඒය පිලිබඳ කුකුසක් තිබේ නම් ඒ ගැන විමසීමට ඉඩ ලබා දිය යුතුයි. මෙම අයිතිය දන්නා රෝගීන් යම් ගැටලුකාරී තත්වයකදී තම අයිතිය භාවිතාකල යුතුයි.
කිසි විටකත් කිසිම රෝගියෙකුට එකම කසාය වට්ටෝරුවක් දෙවරකට වඩා නොදිය යුතුයි. එසේ වූ විට එම කසාය රෝගියාට නො අසයි. මේ ඖෂධ නියමයයි. එබැවින් කසාය වට්ටෝරුවේ යම් යම් ඖෂධ ප්‍රමානයන් කසාය වට්ටෝරු දෙකෙන් දෙකට වෙනස් කල යුතුයි. මෙහිදී වෙදැදුරු කල යුතු තවත් දෙයක් තිබේ. ඒ දෙනු ලබන කසාය වට්ටෝරුව භාවිතාකල යුතු කාලය පිලිබඳ වන සැලකිල්ලයි.
සෘත වර්ග , තෙල් වර්ග සම්බන්ද වන කල් ඉකුත්වීමේ කාලය මෙසේයි. සියලුම සෘත වර්ග , තෙල් වර්ග මාස හතරකින් පසු ගුන හීන වෙයි. එසේනම් නිෂ්පාදනය කරනු ලැබූ දිනයේ සිට මාස හතරක් ඉක්මවූ සෘත වර්ග, තෙල් වර්ග කිසිදු රෝගියෙකු භාවිතයට නොගත යුතුයි.
ගුටිකා, ආලේප වර්ග නිෂ්පාදන දිනයේ සිට වර්ෂයක් ඉක්ම ගිය පසු ගුන හීන වෙයි. ඖෂධීය ගුන වර්ෂයකින් පසු ගුන හීන වෙයි. ඖෂධ සංස්කරනය හා ප්‍රමිථිකරනය තුල මෙම නියමයන්ට වඩා හාත් පසින් වෙනස් වූ නියමයන්ද තිබේ. දක්ශ පලපුරුදු ගුනවත් වෙදැදුරු එයද මනාව දනී,. මේ එම නියමය යම් ඖෂධයන් කෙරෙහි දක්වා ඇති ආකාරයයි.
ආසවයෝද, දාතුහුද, රස බෙහෙත් වර්ගද නිෂ්පාදන දිනයේ සිට හැකිතාත් පරන විය යුතුයි. මේවා පට්ර්රන වූ තරමට වැඩි ගුන ලබා දෙයි.
වලඟ සහල්, කළුදුරු, උක් හකුරු, කොත්තමල්ලි, ගිතෙල්, මීපැනි අලුත් ඖෂධ ලෙස භාවිතානොකල යුතුයි. ඒවාද හැකිතාක් පරන විය යුතුයි. පරන වූ විට ඒවායේ ගුන වැඩි වන නිසයි.
යම් රෝගියෙකු ලග වෙදැදුරු ත්‍රිත්ව විය යුතුයි. මෙහි ත්‍රිත්ව යනු රෝගියා හැරුනු විට ඖෂධ උපස්ථායක සහ වෙදැදුරුයි. මෙම ත්‍රීත්වයෙන් කෙරෙනුයේ ආයුෂ ආරක්ෂා කර වර්ධනය කිරීමයි. එනම් දුකකින් මුදා ලීමයි. වැඩි කල් ජීවත් කරවීමයි. මෙම තත්වයට වැදගත් වනුයේ ඖෂධයි. මන්ද යත් ඖෂධ යනු පිටින් ලබා දෙන බෙහෙතක් වන නිසයි.