සෙනරත් පරනවිතාන ශූරීන් ගේ “The Story of Sigiri” උපුටා දක්වන හදාරන්නන් යෝජනා කරන්නේ කිතු දහම ලක්දිව පැතිරයාම අනුරාධපුර යුගයේ සීගිරි රාජධානිය සමයෙහි පවා ශිලා ලේඛනවල වන සටහන් සමග පිලිගත හැකි බවකි. සාමාන්‍යයෙන් පිලිගැනීම වන්නේ පෘතුගීසීන්ගේ පැමිනීමත් සමග ලක්දිවෙහි කිතුදහම පැතිරීම සිදුවී යැයි උවද ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ බටහිර ජාතීන් කිතුදහම හඳුනා ගන්නට පෙර සිට ලාංකාවෙහි මෙම දහම පැතිරීම සිදුව ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ජේසු සමිඳුන්ගේ ගෝලයන් 12 දෙනා අතරින් ශාන්ත තෝමස් තුමන් ඉන්දියාව වෙතට ක්‍රි.ව. 53දී පමන පැමින ඇති බවත් එහිදී එතුමන්ගේ වසර 17ක දහම් කටයුතු කාලය තුල ලංකාව වෙතටද එන්නට ඇති බවට පිලිගත හැකි බවකි. වැඩි දුරටත් කරුනු දක්වන ඔවුන් යෝජනා කරන්නේ ඉතිහාසය පිලිබදව විද්වතෙකු වූ “රිබේරියෝ” ද උපුටා දක්වමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ධීවර හා මුතු කිමිදීමේ යෙදී සිටි පිරිස් අතර මෙම දහම පැතිරීම පලමුවෙන් සිදුවන්නට ඇති බවකි. කොළඹ කොච්චිකඩේ ජෙන්තුපිටියෙන් හමුවූ ප්‍රාග් පෘතුගීසී කුරුසිය මේ බව වැඩි දුරටත් සනාත කරන බව ඔවුන්ගේ මතයයි.
