ලාංකිකත්වය සංකීරනයකි. එක් දෙසකින් වසර දස දහස් ගනනක අතීතයකි. විටක එය පැහැදිලි කෙරෙන්නේ අද ශිෂ්ඨයැයි සිතනා මිනිසුන් කෑලෑ අතු අඳින කාලයේදී පවා නිර්මාණය කරගත් රෙදි කැබැල්ලකින් විලි වසා ගන්නට අප දියුනුව සිටි ජාතියක් ලෙසටය. ගම පංසල වැව දාගැබ ලෙසට ගොනු වුන උදාර සංස්කෘතික ගොඩ නැගීමක අප හිමි කරුවන්ව සිටි බවය. එක් අතකින් දූපත් හුදකලා මනස ලෙසට මෙන්ම තවත් විටක දූපතක් වීම නිසාම අපරිමිතව ලෝකයට විවෘත වීමද හඳුනා ගත හැකි ලක්ෂන දෙකකි. ඒ නිසාමදෝ නිබදවම බාහිර සංස්කෘතිකයන්ගේ ආභාශයට අප නිරන්තරයෙන් විවෘත වූබවද හඳුනා ගත ගැක. ඒ නිසාමදෝ විටින් විට “බාහිර ජාන” පරම් පරාවලට හිමි වෙමින් නිදහස් වෙමින් සිටි අපි අවසානයේ යටත් විජිතයක් ලෙසට ශත වර්ෂයක් ඔබ්බට දරුනු සංස්කරනයක් පසු කරන්නටද සිදු විනි.
සමහර විටක ලාංකික සමාජ මනසේ විංඥානික හා අවිංඥානික ද්විතීකයේ පරතරයේ පුලුල් බව විශාල කරවන්නට මේ සංස්කරනය හේතු වූවා විය යුතුය. ප්‍රථිපලය වී ඇත්තේ අප එකවර දියුනු ප්‍රජත්‍රන්ත්‍රවාදී සමාජවාදී ලක්ෂනයන් ගෙන් සුසැදි සමාජ පරිසරයකට ආදරය කරන අතරදීම සැගවුනු සමාජ මනසින් නිවැරදි ලෙසට ඛන්ඩනය නොවුනු රාජකීය ස්වභාවයන්ට ආශාකරමින් සිටින්නෙමු. ගැටළුව වඩාත් සංකීර්න වන්නේ එතැනිනි. යටත් විජිතයන් විසින් ඔවුගේ කටයුතු සදහා වුවද නිර්මාණය කල අධ්‍යාපණ රටාවන් වල ආභාශය අමාරුවෙන් ටයි කෝට් ඇඳ නඩත්තු කලද සැබෑ ග්‍රාම්‍ය ස්වබාවයේ “වසඟය” මූලික මෙහෙය වීමකට නිරන්තරයෙන් ආදරය කරමින් සිටී.
– Pubudu Siriwansa
