– 2017-06-20 / 4:31AM – ප්‍රංශයේ SNCF නම් ආයතනයක් පවසන්නේ තමන් 2023 වන විට රියදුරන් රහිත, අධිවේගී, ස්වංක්‍රීය දුම්රිය එරට දුම්රිය මාවත්වලට කැඳවන්නට සූදානම් වන බවයි. මේ අනූව එම ආයතනය 2019 වන විට අත්හදා බැලීමේ මට්ටමින් “drone trains” සේවාවන් අරබන්නට මේ වන විට සැලසුම් කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ ලොව ප්‍රථම high-speed trains අත්දැකීම ගෙනෙන්නට තමන් සූදානම් බවයි. වැඩි දුම්රිය සේවාවක් සදහා අවශ්‍ය කාර්යක්ෂමතාවය නව පියවර සමග බලාපොරොත්තුවන අතර conductors වරුන්ගේ සේවාව තව දුරටත් බලාපොරොත්තුවන්නේ හදිස්සි අවස්තාවකදී මෙන්ම පෙර සැලසුම් නොවන තත්වයන් වලදී කටයුතු කරන්නටය. tracks වලදී හමුවිය හැකි බාදා තත්වයන් හඳුනාගන්නට සංවේධක සමත්වීම ඉහල තත්වයක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ