ශ්‍රීලංකාවේ රත්නපුරයෙන් හමුවී ලොව ඉමහත් ප්‍රසිද්ධියට පත් මැණික් ගල් ගනනාවකි. එයින් ලොකුම නිල් මැණික කැරට් 563ක් බරය. ඉන්දීය ව්‍යාපාරිකයෙකු අතින් විදෙස් ගත්වූ නිසා අද එය හැඳින්වෙන්නේ “Star of India” යන නමිනි. මෙම මැණික් ගල දැනට ඇමරිකාවේ මැණික් කෞතුකාගාරයක තැන්පත් කර ඇති බව ප්‍රකටය. එහි දෙ‍ටු බෑයා Blue Giant of the Orient ය. එයද නිල් මැණිකක් වන අතර කැරට් 466 බරය. 19907 වසරේදී මෙම නැණිකද හමුවී ඇත්තේ රත්නපුරයෙනි. ලංකීය නිල් මැණික් පරපුරේ කනි‍ටු බෑයා කැරට් 423ක් බ‍රැති Logan Blue Sapphire ය. නිල් මැණික් පරපුරේ අනික් සාමාජිකයා Blue Belle of Asia ය. කැරට් 400 බට්=‍රැති මේ මැණික් ගල 1926 වසරේදී පැල්මඩුල්ලේ පතලකින් හමුවී තිබේ.
නීලමානික්‍යය ශ්‍රීලංකාවෙ ජාතික මානික්‍යයයි. එය ප්‍රකශයට පත්කිරීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව 2003 වසරේ ඔක්තෝඹර් 21 දා නව තැපැල්ක් මුද්දරයක්ද නිකුත් කලේය. ලංකවේ නිල් මැණික් වලට ලොව ඉහලම පිලිගැනීමක් තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය භාරයේද අලංකර මැනික් ගල් දෙකක් ඇත. එයින් එකක් Star of Lanka ය. කැරට් 363 බ‍රැති එය ආර්නූලකි. අනික කැරට් 105ක් බ‍රැති කනක වෛරෝඩියකි. එහි නම Ray of Treasure ය. Rosser Reeves Star Ruby රත්නපුරයෙන් ලැබුනු ස්තරම්ම රතු මැණිකකි. එය කැරට් 138ක් බරය.
ගාම්භීරලෙස නම් තබා ඇති මේ සියල්ලම කපා ඔපදමා අලංකාර කල මැණික් ගල්ය. කපා ඔප දමන්නට පෙර මේවායෙහි බර මිට වැඩිය. මැණික් ගල් කපා දැමීමේදී ඒවායෙහි බර යම්තරමකට අඩු වී යාම සාමානය දෙයකි. ඊට හේතුව වන්නේ මැණික් කපන විට එහි පෘෂ්ඨයේ යම් කොටසක් ඉවත්කරන්නට සිදුවීමය. මැණික් ගල් වල බර මනින්නේ කැරට් වලිනි. සාමන්‍යයෙන් කිලෝග්‍රැම් එකක් යනු කැරට් 50000කි.