වසර 2000 දී රත්නපුරයේදී පැල්මඩුල්ලට නුදුරු පාතකඩ ගමෙන් කැරට් 5500 පමන බර (කිලෝ 1 ග්‍රෑම් 650 බර) නිල් මැතිකක් ලැබිනි. 1998 වසරේ ජූලිමසයේදි රත්නපුර හකමුව ප්‍රදේශයේ පතලයකින් කෑරට් 856 බර නිල් මැණිකක් ලැබුනි. කපා ඔප නොදැමූ (අමු) ගලක් වුවද එකල එම මැණිකට ශ්‍රීලංකාවේ සාඩම්බරය යනුවෙන් නම් පට බැඳිනි.
මැණික් එක් අතකට රත්නපුරයට මහා උමතුවක් මෙනි. කොතැනක හො මැණික් ඉල්ලමක් පෑදුනු විගස මිනිසුන් සියගනන් එහි ගොස් බලහත්කාරයෙන්ම මැනික් ගැරීම් රත්නපුරයේ පැරණි සිරිතකි. අරුම පුදුම චර්යාවකි.
පැල්මැඩුල්ල, කහවත්ත, නීලගම අදී ප්‍රදේශ කවදත් නිල් මැණික් සදහා ප්‍රසිද්ධය. 1999 වර්ෂයේදී කැරට් 8042 බැරැති විශාල නිල් මැණිකක් පැල්මඩුල්ලෙන් හමු විය. 2000 වසරේදී කැරට් 2516ක් බරැති නිල්මැණික් ගලක් ඇහැලියගොඩට නුදුරු එල්ලාවලින් හමුවිය. ඒ වසරේදීම කහවත්ත නීලගම පතලකින් කැරට් 4002 බරැති නිල්මැණිකක් හමුවිනි. 2001 වසරේදී කැරට් 254 බරැති තවත් නිල් මැණිකක් පැල්මඩුල්ලේ ගනේ ගමින් ලැබිනි.
කැරට් 856 බර නිල් මැණිකක් වූ ස්‍රීලංකාවේ සාඩම්බරය හමුවූ කාලයේ 1998(වසරේදී) සුප්‍රකට බටජිර පොප් ගායක මියිකල් ජැක්සන් ලංකාවට එන බවට රත්නපුරය පුරා ආරන්චි පැතිරිනි. එයින් කියවුනේ ඔහු මේ නිල් මැණික මිළඳී ගැනීමට ලංකාවට එන බවයි. ලොව ලක්ෂ සංක්‍යාත ජනතාවක් ගීයෙන්ද, රැගුමෙන්ද නලවන මයිකල් ජැක්සන්ද මැණික් ලෝලයෙකි. ඔහු ශ්‍රීලංකාවෙන් ලැබෙන විශාල ප්‍රමානයේ මැණික් ගල් ගැන උනන්දු වන්නෙකු හැටියද ප්‍රකටය. ශ්‍රීලංකාවේ සාඩම්බරය මිළඳී ගන්නට ලංකාව නොපැමිනියද මයිකල් ජැක්සන් වරින් වර අපේ මැණික් ගල් කිහිපයක් මිළයට ගෙන ඇති බවට රත්නපුරයේ ආරන්චි මාර්ග පැතිර තිබේ. විශාල ප්‍රමානයේ (රුපියල් කෝටි ගනන් වටිනා) මැණික් ගල් අලවි කිරීම ඉතා රහසිගතව කෙරෙන බැවින් මේ ආරන්ච් වල ඇත්තක් නැතැයිද සිතිය නොහැකිය.
මයිකල් ජැක්සන් සහ බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයාගේ මලනුවන් අතර වරක් මැණික් හබයක් හට ගත්තේයැයි කියන සිද්ධියක්ද රත්නපුරයේ මැණික් ව්‍යාපාරික ප්‍රජාව අතර කථා බහට ලක්ව තිබිනි. මේ දෙදෙනාම ලොව හොඳම ධන කුවේරයන්ය. විනෝදාංශයක් වශයෙන් මිළ අඳික විශාල ප්‍රමනයේ මැණික් ගල් රැස් කරන්නන්ය. හබයට මුල්වූ මැණික් ගල රත්නපුරයට නුදුරු පෙදෙස්ඩකින් හමුවූ ක්‍රිස්ටල් වර්ගයේ මැණිකකි. ඉහල පෙලේ මැණික් ව්‍යාපාරිකයෙකු සතු පතලකින් හමුවූ මැණික් ගලෙහි බර කිලෝගෑම් 5කට ආසන්නය. මැණික් ගල ඉහල වටිනාකමක් ඇති එකක් බව වටහා ගත් ව්‍යාපාරිකයා එය හොරරහසේම පිටරටකට යැවුවේය. මැණික රහසින් ගෙන යාමට මෙරට සිටි ඉහල පෙලේ රාජ්‍ය නිලධාරියෙකුගේ පුත්‍රයෙකු ගෙන් උදවු ලැබිනි. ඔහුද ඔහුගේ තැරැවුකරුවෝද මේ මැනික් පිලින්=බඳව මයිකල් ජැක්සන් ටත් බෲනායි රාජයයේ සුල්තාන්වරයාටත් දැනුම් දුන්හ. ඒ මැණික ලොව ඉහලම මිලකට විකුනා ගැනීමේ අදහසිනි.
මැණික පිරික්සූ මයිකල් ජැක්සන් එය රුපියල් කෝටි 70 වකට ඉල්ලුවේය. ගලෙහි විකුනුම් කරුවෝ ඒ මිලට එකග නොවූහ. එහිදී මයිකල් ජැක්සන් කුනුම් කරුවන්ගෙන් ප්‍රෂ්නයක් ඇසුවේය. ඒ මේ මැණික් ගල පතලෙන් හමුවූ වෙලාව කීයද ? යන්නයි. එහෙත් විකුනුම් කරුවෝ එබඳු වෙලාවක් ගැන නොදත්හ. මැණික ලැබුනු වෙලාවත් තම වෙලාවත් සැසදේනම් මැණික ඊට වඩා මිලකට ගන්නා බව එහිදී මයිකල් ජැක්සන් පවසා තිබේ. අවසන බෲනායි රටේ සුල්තාන්වරයගේ මලනුවන් රුපියල් කෝටි 72කට මැණික් ගල මිලට ගත්තේය. මැණික වැඩි මිළට ගැනීම සදහා මේ දෙදෙනා අතර සීතල යුද්ධයක් තිබුනු බවද ප්‍රකටය.
– පොත පත ඇසුරෙනි.
