අලි කකුලක් තරම් මහත අඩි දෙකක් පමන උස “අඹතේස්ත” වර්ගයේ මැනික් ගෙඩියක් සිය සින්ම දැක බලා ගන්නට 2006 වසරේ ජූලි 21 දා රත්නපුරයට පැමිනි බොහෝ දෙනෙකුට හැකි විනි. ඒ මැනික් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිපැයුම් කරුවෙකු වූ රත්නපුරේ ව්‍යාපාරික මහතෙකුගේ මිනිපුර මැණික් ලිත දොරට වැඩුමේ උත්සවය පැවති අවස්ථාවේය. එම උත්ස්වය රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ ශ්‍රවනාගාරයෙහි පැවත් විනි. මෙහිදී එම ව්‍යාපාරිකයා හා මිතිරන් සංවිධානය කල මැණික් ප්‍රදර්ශනයට අලිකකුලක් බඳු මැණික් ගෙඩියක්ද ඉදිරිපත් කර තිබුනි.
එහි පිට පැත්ත හරියටම අලිකකුලක් මෙන් කලු පාටය. ඇතුලත නලයක් මෙන් කුහරයකි. ඒ මිනිස් අතක් රිංගවිය හැකි තරම් විශාලය. කුහරයෙහි ඇතුළු පැත්තෙහි විවිධ හැඩැති ලාදම් පාට අඹතේස්ත ගල් දහස් ගනනකි. මේ මැණික් ගෙඩිය එසවීමට නම් දෙදෙනෙකු වත් අවශ්‍යය. එය ඒ තරම්ම බරය. ජ්‍යොතිෂ්‍යය අනූව බැලුව හොත් පෙබරවාරි මාසයේ උපන් අය පැලඳිය යුත්තේ අඹතේස්ත මැණික් ය.
අලිකකුලක් බඳු මැණික් ගෙඩියද සමග ගෙවුඩ වර්ගයේ මැණික් සම්භාරයක් ඇතුලත් තවත් මැණික් ගෙඩියක්ද විය. සිමෙන්තිකොට්ට භාගයක් තරම් විශාල එය එසේවීමට දෙදෙනෙකු ඔනෑය. මේ මැණික් ගෙඩිය මේ දැනුත් පුලුස්සා විකිනිය හැකි සජීවී ගෙවුඩ මැණික් වලින්ද, කොට්ටර ගෙවුඩ (අඩක් මිය ගිය ගල්) සහ කට්ට ගෙවුඩ (මියගිය ගල්) රාශිය කින්ද සමන්විතය. සජීවී ගෙවුඩ මේ දැනුත් විකුනා රුපියල් කෝටිගනනක් ඉපයිය හැකිය.
මේක පිහිටල තිබුනේ වැල්ලවායේ මැණික් ඉල්ලමක කලු ගලක් ඇතුලෙයි. ගල් පිටතට ගන්නා විට ටිකක් කැඩී ඇති අතර ගෙවුඩ මැණික් ගෙඩිය වාහන යන එන පාරකට ගෙන එන්නට දවස් දෙක තුනක්ම ගිය බවටයි එහි හිමිකරු පවසා තිබුනේ.
ලොව වසර මිලියන ගනනක් පැරනි වතුර බුබුලක් සහිත පලිඟු වර්ගයේ මැණික් ගලක්ද එහි විය. අර්තාපල් ගෙඩියක් තරම් විශාල මැණික් ගල ඇතුලේ ඇති වතුර එහා මෙහා සෙලවනුද පෙනේ.
මෙබදු ඉතා දුර්ලභ ගනයේ මැණික් ගල් විශාල සක්‍යාවක් පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ එකතු අතර දකින්නට පුලුවන.
හිටපු බස්නායක නිලමේ කෙනෙකු පැවසූ කථාවකට අනූව වන ජනප්‍රවාදයකින් කියවුනේ මෙතෙක් ලොව සොයගත් ලොකුම පුෂ්පරාග මැණික අලුත් නුවරින් හමුවූ බවත් ය. එහිදී කියවෙන්නේ 1960 වසරේ දිනක අළුත් නුවර කතරගම දේවාලයට නුදුරුව තොටපල්ල වෙල්යාය නැමති කුඹුරක කැපූ පතලයකින් රාත්තල් හතක් හෙවත් කිලෝ ග්‍රැම් තුනකුත් ගෑම් 40ක් බරති පුෂ්පරාග මැණිකක් හමුවී ඇති බවය. රාත්තල් හතයක් යනු කැරට් 15200 කි.
– පොත පත ඇසුරෙනි.
