අවිස්සවේල්ල නගරයේ සිට ස්වභාවික වටිනාකම් පිලිබදව උනන්දුවන්නෙකුට හමුවන සමීපතම ස්ථානයනම් වැවේ කැලේ රක්ෂිතයයි.අවිස්සාවෙල ප්‍රධාන බස් නැවතුම් පොලේ සිට සීතාපීල්ල පසුකර කිලෝමීටර භාගයක් පමන ගමන් කරද්දී මෙම රක්ෂිතයට ඇතුලු විය හැක.1919 පමන කාලයේදී ඉංග්‍රීසීන් අවිස්සාවෙල්ල රෝහලට හා නගරයට ජලය ලබා දෙන්නට මෙහි වන ජල මූලාශ්‍රයක් හරස් කොට කුඩා ජලාශයක් නිර්මනය කර ඇති අතර එය ආශ්‍රිතව මෙම “වැවේ කැළේ” නාමය නිර්මාණය වන්නට ඇති බව පිලි ගැනේ. මෙම ජාඅ සයෙන් අනතුරුව ගල ගෙන එන දිය පහර බිසෝ දොල ලෙසට විවහාර වන අතර එය සීතා ලෙන අසලදී අඩි 12ක පමන කුඩා දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පැමිනෙන්නන්ට විසිතුරු අත්දැකීමක්ද මවාපායි. සීතාවක පුර නගර සභාව විසින් පාලනය කරනු ලබන මෙහි විවිධ ශාක වර්ග මෙන්ම විසිතුරු සතුන් වර්ග රාශියකට සෙවන දෙන භූමියක් ලෙසට පරිසරකාමීන් සලකනු ලබයි. මෙහි වර්ථමාන වපසරිය අක්කර 40ක ආසන්න වන බවටයි සන්දහන් වන්නේ. මෙම රක්ෂිතයට ඇතුලු වීම සදහා අවිස්සාවෙල්ල නගර සභාවේ අවසරය ගත යුතුබවට අමතක නොකල යුතුය.