සීතාවක මායා දුන්නේ රජුටත් එකවන රාජසිංග රජුටත් සේවය කල කාර්යශූර්ය නිලධාරියෙකි. වික්‍රමසිංහ මුදලි රාජාවලි කතෘ සෑම විටම ඔහු හඳ්හුන්වනු ලබන්නේ වික්‍රමසිංහ මුදල් යන ලෙසිනි. මාහාමාත්‍ය යන අදහසට රාජාවලි කතෘ මුදලි යන්න යොද තිබෙන බව කරුනු විමසීමේදී පෙනේ.
“සුවිපුල් විකුම්සිහ මහමැති තුමා සොඳ
එකතුල් එහරසෙල් කරවු පබඳ ” – සැවුල් සඳෙස
“සුවිපුල් විකුම්සිහ මහමැති තුමා සොඳ
එකතුල් එහරසෙල් කරවු පබඳ ” – සැවුල් සඳෙස
සැවුල් සංඳේශයේ එන වසුවිල් විට අම්බලමේ විස්තරය සඳහන් මේ කවියෙන් එතුමා මහා ඇමති බව ඉඳුරාම දැක්වෙයි. මොහු කවර අවස්ථාවක මහ ඇමති පදවියට පත් වූයේ දැයි සඳහන් නොවේ. මයාදුන්නේ ප්‍රාදේශීය පාලකයෙකු වශයෙන් සීතාවක රාජ්‍ය ගොඩ නැගීමේදී සඳහන් වන්නේ “ආර්ය මන්ත්‍රී” නම් අයෙකි. බුවනෙකභාහු හා ප්‍රතිකාල් සේනාවට මුහුන දීමට තරම් සේන සංවිධානයක් ඇතිකර ගැනීමට පෙර බටුගෙදරට හා දැරනියගලට දෙවරක්ද පසුබැස ගිය අවස්ථාවලදී වික්‍රමසිංහ මුදලිගේ නම සදහන් නොවේ. ජයවීර රජු සීතාවක රාජ්‍ය ප්‍රදේශයේ කැරලි ඇතිකර විට ඒවා මැඬ පැවත්වීමට යැව්වේ ආර්ය මන්ත්‍රීය. පලමුවෙන්ම වික්‍රමසිංහ මුදලිගේ නම සදහන් වන්නේ වීදීය බණ්ඩාරට විරුද්ධව පැලෑඳ නුවර කල සටන සම්බන්දයෙනි. මේ අවස්ථාව වන විට රාජසිංහ කුමරුගේ වයස අවුරුදු 11 සක් වූබව කියති. මේ සිද්ධියට ආසන්න කාලයකදී වික්‍රමසිංහ මහ ඇමති කමට පත්වූවා විය හැකිය. මේ අවස්ථාව වන විට ඔහු තරුන වයසේ සිටින්නට ඇතැයි සිතිය හැකිය. ඔහු ඉතා දක්ශයෙකි. ශූරයෙකි. උපායශීලී වූ හෙතෙම අකලංක ස්වාමිභක්තිකයෙකි. ඒ නිසාම සීතාවක මායදුන්නේ රජු හෝ එකවන රාජසිංහ රජු කල හැම සටනකදීම පෙරමුන ගෙන ක්‍රියාකලේය. සතර කෝරලයේත් සත්කෝරලයේත් විදීයබණ්ඩාර මෙහෙය වූ කැරළි මැඬ පැවත්විමට හමුදා යවන ලද්දේ රාජසිංහ කුමරු හා වික්‍රමසිංහ මුදලිගේ නායකත්වයෙනි. අද්විතීය යුද්ධ ශක්ශතාවයක් ඇති වීදීය බණ්ඩාරවැනි අය පරාජය කිරීමට තරම් සුවිශේෂ දක්ශතාවයක් මොහු සතුව තිබුනි. මායාදුන්න රජුගේ අවසාන කාලයේ සීතාවකට එරෙහිව මාතර බලකොටුවක් බැඳගෙන සිටි මනම්පේරි ආරච්චිල (පසුව මුදලි) ගේ හිස සීතාවකට ගෙනාවේ වික්‍රමසිංහය. මායදුන්නේ රජුගේ අභාවයෙන් පසු රාජසිංහ රජු සමග මුල්ලේරියා සටනින් ජයගත්තේය. කෝට්ටේ හා පෘතුගීසි හමුදාව රග්ගහවත්තේදී රාජසිංහ රජු හා යුධවදින විට ගඟින් එගොඩ සිටි වික්‍රමසිංහ සතුරු සේනාව සමූල ඝාතනය කලේය. රාජසිංහ රජුගේ නියමය අනූව කඳ උඩරට වීරසුන්දර රජු ගොලෑබොක්කේ බොරුවලක හෙලා මැරීමටද හවුල් විය. කොළඹ නගරය වැටලූ අවස්ථාවේ බොරලුගොඩ වාඩිලා සිටියේ වික්‍රමසිංහ මහ ඇමතිය.
-– පොත පත ඇසුරෙනි.