වික්‍රමසිංහ මහ ඇමතිතුමාගේ සේවා කාලයෙහි දක්නට ලැබෙන එකම කැ‍රැල්ල වූයේ බොරලුගොඩ වාඩිල සිටින විටය. වික්‍රමසිංහ මුදලි හා සෙනවිරත්න මුදලි යන දෙදෙනගේද වාඩි පිහිටියේ බොරලුගොඩය. මේ දෙදෙනාගේ හේවායින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දිග්ගැස්සී වික්‍රමසිංහ මුදලි දුන් රහස් පනිවිඬයක් අනූව ධර්මපාල රජුගේ හේවායන් මහ ඇමතිගේ වාඩිය මැදින් පැමින සෙනවිරත්න මුදලිගේ වාඩියට පහර දුන්හ. වාඩියෙන් පැනගත් සෙනවිරත්න මුදලි ඒ වන විට දෙමටගොඩ වාඩිලා සිටි එකවන රාජසිංහ රජුට දැන්වීය. රාජසිංහ රජු ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මග ඇමති සීතාවකට පිටත්කර එවීය. මේ අවස්ථාවේදී කොනප්පු බණ්ඩාර උඩරට කැරලි ඇති කලේය. වික්‍රමසිංහ මුදලි විසින් මේ කැ‍රැල්ල කරන්නට ඇතැයි යන විස්වාසයෙන් රජසිංහ රජු සීතාවකට ආවේය. රජු පැමිනි විට වික්‍රමසිංහ අසනීපව සිටියේය. රාජවෛද්‍යවරයා ලවා බෙහෙත් සමග මිශ්‍රකර වස දෙවා වික්‍රමසිංහ ජීවිතක්ෂයට පත්කලේය.
මායදුන්නේ රජුට හා රාජසිංහ රජුට අවංකවම සේවය කල ශ්‍රෙෂ්ඨ නායකයෙකුගේ අවසානය මෙසේ සොචනීය ලෙස සිදුවීමත් සමග ශ්‍රේෂ්ඨ රණ ශූර රජෙකුගේ දෛවයද නොපිටට පෙරලී ගියේය. මේ සාහසික ක්‍රියාවේ ප්‍රථිවිපාක රාජසිංහ රජු කරා පැමිනීමටද වැඩිකාලයක් නොගියේය.
-– පොත පත ඇසුරෙනි.