මැනික් පතල් කර්මාන්තයෙහි සියලුම කටයුතු කෙරෙන්නේ පැරනි ගනන් මිමි අනූවය. එනම් රියන් ගනනටය. රියනක් යනු අගල් 18කි. ඒ අනූව මැණික් මතුවන අඩවියෙහි පතල් වර්ග කිහිපයක්ම තිබේ.
මැණික් පතලයක සම්මත පලල රියන් හතරකි. එනම් හතර රියනකි. මේ කාරනාව කවුරු කවුරුත් දන්නා බැවින් දෝ පතල් ගැන කථාකරන විට ඒවායේ පලල ගැන නොකියති. පතල් හඳුන්වන්නේ එහි දිග මෙන්ම මෙතැකැයි කීමෙනි.
හතර රිය පතල්-
මෙහි තේරුම පතලේ දිගත් පලලත් හතර රියනක් වන බවය. ගැඹුරින් අඩි හතලිහ පනහ ඉක්මවන මැණික් පතල් සදහා භාවිතා කෙරෙන්නේ මේ සයිස් එකය. එවන් ගැබුරු පතල් වල දෝනා ද යති. දෝනා යන විට පතල් බිත්ති සවිමත්ව තීය යුතු බැවින් මේඅසේ හතර රියන් පතල් හාරති.
අට රියන් පතල්-
මැණික් මතුවන අඩවියෙහි ජනප්‍රියතම පතල් Size එක වන්නේ අට රියන් පතල්ය. මෙහි තේරුම වන්නේ එම පතලය හතර රියනක් පලල, අට රියනක් දිග එකක් බවයි. පතලේ හරි මැදින් මැද මුක්කු ගසා තට්‍ටු ගසන නිසා අට රියන් පතලයක කොටු දෙකක් දැකිය හැකිය. පතල් කරුවන් හත් අට දෙනාට හොඳට ඉඩකඩ ඇතිව වැඩ කල හැකි බැවින් අට රියන් වලවල් බොහොම ජනප්‍රියය. එසේම බොහොම ගැබුරු පතල් කපන්නේද අට රියන් වලවල් වශයෙනි.
දිගින් රියන් 10,12 සහ 20ට පතල් කපන්නේ මැණික් ඉල්ලම වැඩිම නත් ගැබුරු නැති ස්ථාන වල පතක් කැපීමේදීය. ලොකු පතල් කපා එකවර මැණික් ඉල්ලම් වැඩි ප්‍රමානයක් ගොඩ ගැනීම මෙබඳු විශාල පතල් කැපීමේ අරමුනයි.
මීට අමතරව හයරියන් පතල්, දහ අට රියන් ආදී වශයෙන්ද පතක් කපති. පතලකට නැකතකට වැඩ අල්ලන්නේද තමන් හාරන පතලය කුමන ප්‍රමානයට කපනවාද යන කාරනය බේරුම් කරගෙනය.
– පොත පත ඇසුරෙනි
