Microsoft පවසන්නේ තමන් මෙවර මාසික යාවත්කාලීනය සමග windows xp හා vista සදහාද ආරක්ෂක යාවත්කාලීන නිකුත් කරන්නට කටයුතු කර ඇති බවකි. එම ආයතනය XP නම් මෙහෙයුම් පද්ධතිය වෙතට නිල සහය දැක්වීම අවසන් කරන ලද්දේ 2014 දි වන ලද අතර ඒ දශකයකට වඩා වූ භාවිතයකට පසුවය. Vista යනු එතරම් භාවිතාවක් නොලැබූ මෙහෙයුම් පද්ධතියක් වූ අතර නිල ලෙසට සහය දැක්වීම අවසන් වන ලද්දේ මේ වසර මුල භාගයේදීය. පස්ගිය කාලයේ සිදුවූ ‘WannaCry’ ransomware attack වැනි රාජ්‍ය මට්ටමේ සහයක් ඇතැයි සැලකෙන පහදීම් හමුවේ මෙම තීර්නය වෙතට එලබෙන්නට කටයුතු කරන ලද බවටයි පිලිගැනෙන්නේ. එම ආයතනය පවසන්නේ මෙම නිල සහය අවසන් ව ඇති මෙහෙයුම් පද්ධති සංස්කරන භාවිත කරන්නන් හටද තම Download Center හෝ Windows Update ඔස්සේ මෙම යාවත්කාලීන ලබ අගනට හැකි වනු ඇති බවය.
