“ඔබ දන්නවද මම මහත්සේ ප්‍රිය කරන ලේඛකයෙකු සටහන් කරනවා , බොහොමයක් මිනිස්සු මිය යන්නේ ලෝකයට කියන්න තියෙන බොහෝ දේවල් කියාගන්න බැරි වීමත් සමගලු. බොහෝ වෙලාවට ලෝකයෙන් එන ආකෘතියක සිරවෙලා අසරනව ජීවිතය ගෙවා ගන්නවා මිසක ඔවුන්ට ඔවුන් වෙන්නට අවස්ථාවක් හමුවෙන්නේ නැතිලු. මම ඒ බව විස්වාස කරනවා ඔබ…” මා හට ඇයව මීට වඩා විවෘත තබා ගන්නට අවශ්‍යව ඇත්තසේ හැගෙයි. “මටත් හිතෙනවා” විටක ඇය සැගවෙන්නට මහත් දක්ශය. දෙබස් තුලදී විටක ඇය එය මනාව සිදුකරයි. “මම දන්නවා මම බොහෝ සෙයින් වෙහෙසට පත්වෙලා බව, අවශ්‍යයයි මේ බවින් මිදෙන්න. ඒත් හරිම අපහසුයි ඒක. ඔබට තේරෙනවද මිනිස්සු හුදකලාවට හුරු උනාම කොයිතරම් වේදනාකාරී උනතේ බවින් අත් මිදෙන්න අකමැත්තකුත් ඒ සිත තුලම පැත්තක ඇති වෙනවා”. සමහර විටක මා විවෘත වූවා වැඩි වූවා දෑයි සිත තුල සැකයක් නැගිනි.
එම කදුමුදුනතට වන මාවත කෙටි කරමින් අතුරු පා මාවතක්ද සකස් කර තිබින. අතර මැද විසිතුරු වගාවකින් යුත් එම භූමියේ තැනින් තැන අලංකාර කැටයමින් සැරසූ පහන් කනු මහත් විසිතුරු බවක් ගෙනදිනි. තැනින් තැන පිහිටවා තිබූ ආසන රවුම් විටක අප අධ්‍යාන ආයතනයේ කුඩා කන්ඩායම් සාකච්චා සදහාද යොදා ගැනිනි. විටක එවැනි දේ සදහා පැමිනෙන කන්ඩායම් අතර මදක් වැඩි හඬින් නැගෙන දෙබස් සංචාරකයෙකු පැමිනෙනු දකින් සැනින් පහත්ව යයි. එකිනෙකාට ගරුකිරීම එම නගර ආශ්‍රිත මා දු‍ටු තවත් අපූරුම සිරිතකි. ඔවුන් එහිදී බොහෝ විට ඔවුනගේ තරාතිරම් නොසලකමින් ඒ දේ සිදුකරන්නට අවශ්‍ය තරමේ සංහිඳියාවකින් යුත්ත අය වූහ. ඇය නිහඬවම පියවර මනිනු ආකාරය මසිත තුල අපහසුවක් ඇති කලේය. “මට සමාවෙන්න ඔබව මම අපහසුතාවයට පත්කලා නම්” මට නිතැතින් කියවිනි.(46)
“අපි ටිකක් නැවතිලා යමුද?” අදුරට පෙර දැල්ව ඇති පහන් කනුවකට යාබදව වූ අසුන් පෙලක් දක්වමින් ඇයට අසුන් ගන්නට ආරාධනා කරන ලද්දේ ඒ සදහා ඇගේ ප්‍රතිචාරයද නොතකමිනි. ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි. ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමකින් සමුගන්නට දින නියම වී ඇතිය. හැදෑරුම් සටහන් අතර සිරව සීමාවක් රටාවක් නැතිව ගලා ගිය ජීවිතයට මද හෝ විරාමයක් හමුව ඇතියා සේ දැනේ. හමුවූවාටත් වඩා වේගයකින් සමු ගන්නට සිදුවීම වචන කල නොහැකි රිදුමක්ව අත්මය පුරාවට දිව යන්නා සේ හැගේ. “දන්නවද, ඔබ හමුව නිසා ගෙවී ගිය කාලයනිසාම මට අධ්‍යාන ආයතනය සමග වුනු ගිවිසුම දීර්ඝ කර ගන්නට අතපසු උනා. පෙර වසරේදී එකග වූ මීලග ආයතනය සදහා සේවයට වාර්ථා කරන්නට පෙර දැනුම් දීම පැමුනුනාම තමයි තත්වය මතක් වුනේ. දැන් මම පරක්කු වැඩියි” දැඩි අපහසුතාවයට පත්ව මම පවසන්නට විනි. “සමහර විට ඔබට වැරදීමක් වෙන්න බැරිද.? මම කියන්නේ මම විශේෂ කෙනෙක් වෙන්නේ කොහොමද? ඔබට ඔනෑ තරම් මිතුරියන් හිතවතියන් හමු වෙලා ඇති.” ඇය පවසන්නට අවශයව ඇත්තේ තත්වය මදක් හෝ සංසුන් වන යමක් මිස සැබෑව කුමක් දැයි නොදන්නා නිසා නොවන බව මට හැගිනි. “මම හිතන්නේ ඔබ මට වඩාත් විශේෂ කෙනෙක්. ඔබට මතකද අර උදයාන සිතුවම් දැක්මේ තිබුනු එක් චිත්‍රයක් නම් කර තිබුනා ‘මව නැවත හමුවීම’ කියලා. ඔබට තේරුනාද එහි ඇඳ තිබූ තරුනියගේ රූ සටහනට මතුපිටින් ඉස්මතු කරලා තිබුනා ආරක්ශිත බවක් හැගෙන රූ සටහනක්. මතකද එම සිතුවමේම පසකින් කුඩාවට දක්වලා තිබුනා අනාරක්ශිතව වේදනාවෙන් සිටින කුඩා දරුවෙකු ගේ සටහනක්. ඔබ සිතනවාට වඩා සංකීර්න මානසික ක්‍රියාවලියක් එතන තිබුනා.” වෛද්‍යවරියක වූ ඇයට වඩාත් දේ පැහැදිලි කරන්නට අවශ්‍ය නොවිනි. (47)