එය පැහැදිලි සැදෑවක් විය. අහසේ තැනින් තැන වූ වලකුලු කැටිති මතින් පරාවර්තනය වන හිරු කෙඳි නෙක වර්න කිහිපයක්ම මවමින් අප සිටි කදු මුදුනත නැරබුම් ප්‍රදේශය සුරපුරයක මෙන් අලංකාරව පැවති මොහොතකද විය. “එලබෙන සතිය වන විට මම ඒ අධ්‍යන ආයතනය සමග වන ගිවිසුම අවසන් වනවා” අපසසුවෙන් වුවද මම් එම දෙබස ඇරබුවෙමි.”ඒ කියන්නේ ඊලග සතිය වන විට ඔබ මෙහි නැති බවද? සැලෙන හඬකින් ඇය අසා සිටියාය. ” මම හිතන්නේ. ගිය වසරේදී එලබුනු එකගතාවය නිසා මට අසවල් ආයතනයේ සේවයට වාර්ථා කරන්නට සිදුවෙලා තිබෙනවා” මෙහි ටිට සැතපුම් දහස් ගනනක් දුරින් වන අධ්‍යාන ආයතනයක නමක් සදහන් කරමින් මම තත්වය පැහැදිලිකර සිටියාය. ” එතකොට අපේ හැදෑරීම් සටහන් පෙල එතැනින් අවසන් වන බවද ඔබ කියන්නේ?” වඩාත් හැගීම් බර හඬකින් දෙබස ඉදිරියට ගෙනයන්නට ඇය වෙර දරමින් සිටියාය. “ඔබ සිතනවාද මේ හැදෑරීම ඔබගේ කාලය අපතේ යැවීමක් වූවා කියලා?” මා අතවූ අප හෑදෑරීම් සැලසුම දක්වමින් අසා සිටියාය. ” ඇත්තෙන්ම නැහැ, ඒක අපූරු හැදෑරීමක්. හුදෙක් බෑදීමක් නිසා නොව දැනුමට වූ ආශාව නිසාම දිග හැරුනු ඒ කාලයට මම හරිම කැමතියි. ඒ වෙතට අපූරු මෙහෙයවීමක් කල ඔබට ගොඩාක් ස්තුතියි.ඒත්…” ඇය අපහසුවට පත්ව ඇති බවක් මට හැගුනි. “මම හිතුවා ඔබ තව වසරක්වත් මෙහි ‍රැදේවි කියලා..” අපහසුවෙන් තම දෙබස අවසන් කරන්නට මෙන් ඇය මිමිනුවේය. “ඔබ මේ සටහන් පෙල ගෙනියන්න. ඔබ සිතනවා නම් මම ගත් උත්සාහට සාධරනය ඉ‍ටු වෙලා නැහැ කියලා ඔබ වැරදියි. ඒ කාලය තුල ලත් අපූරු ජීවිත අත්දෑකීම මට හොඳටම සෑහෙනවා. ඒ ගැන මම ඔබට ගොඩක් ස්තූතිවන්තද වෙනවා. ඔබ අපූරු කෙනෙක්” සාමන්‍යයෙන් එතරම් හැගීම් බරවීම් හෝ සංවේඳීවීම් මෙම සමාජ පරිසරයේදි දුලබ අත්දෑකීමක් වුවද ඇය වෙතින් ඒ බව පලවෙමින් තිබිනි. “මට ඒක ‍රැගෙන යන්නට අවශය නැහැ, ඒක අපූරු වටිනා හැදෑරුමක් වුවත්. ඉදිරි වසර දෙක තුන තුල අප නැවත හමුවීමක් ගැන මට විස්වාසයක් හැගෙමින් තියෙනවා. ඒ වන විටත් ඔබ ඒ සදහා එකගව සිටියොත් අපි ඉදිරියට යමු” එදින ඒ පිලිබදව වූ දෙබස එතැනින් නැවතිනි.(41)
සැදෑව උදාවත් සමග් අප ආපසු ආශ්‍රම භූමි සීමාවට පැමිනෙන්නට සමත්වීමු. තවත් දිනයක නිමාව සලකුනු කරමින් ක්‍රමයෙන් හිරු අවර දිසාවේ සීමාවට පැමිනෙමින් තිබුනි. “ලෝකයෙන් මත්වීම පමනද ජීවිතය?” වරක් අප අධයාන ආයතනය වෙතට පැමිනි මතවාදී විද්වතෙකුගේ සිත් ඇහැරවන දේශනයක මාතෘකාව විය. ඔහුට අවශයව තිබුනේ සැබෑවටම ජීවිතය පැමිනෙන්නේ කොහින්දැයි විමසීමක් අසන්නන්ගේ සිත් තුල අවදිකරන්නට පමනී. “ඒක සමාජයෙන් පැමිනෙන්නක්ද? ජීව විද්‍යාත්මක පදනමකින් පැමිනෙන්නන්ක්ද? විවිධ ලෙසට විමසා බලන්නට ඔහු අප වෙතට අපූරු ආරාධනාවක් ගෙනෙන්නට සමත්විය. ඒ වන විට මා හදරා තිබූ දහම අනූව “මත්වීම” වචනය වෙනු වට “ඇලීම” වචනය ආ විටක ගැටලුව හොඳින් මට පැහැදිලි වෙතැයි හැගිනි. “නිශ්ක්‍රීය ජීවිත පැමිනෙන්නේ මනෝ අසමබරතා හරහා පමනක්ද? ජීවිත විරෝධීන් පව සමහර සමාජ රටා තුල වඩා වටිනාකමක් හිමි කර ගන්නේ කෙලෙසද? ” අප තුල එම විමසුම හුදු පෞද්ගලික අර්ථ ඉක්මවමින් ඉදිරියට යවන්නට ඔහුට අවශ්‍ය විය. වඩාත් දාර්ශනික ස්වරූපයක් ගත් ඔහුගේ දේශනය සමහරුන් තුල මහත් අපහසුතාවයක් ඇති කරන තරමේ තමන් පිලිබදවම නැවත විමසීමක් විවෘත කරන්නට සමත්වීමක් විය. විටක ආශ්‍රම රිද්මය දැන් මට දැරිය නොහැකි තරමට සියුම් එකක්ව දැනෙනවා විය හැක. දැනුම වෙතට ඇති ලොබ බව, පහන් ස්වරූපයක් ගත් ඇයගේ ඇසුර වැනි බොහෝ දෑ මා නැවත එදෙසට ආකර්ශනය කරමින් සිටිනවා විය යුතුය.(42)