අසල වූ උද්‍යාන අවන්හලකින් සරල ආහාරයට හා බීමට යමක් මිලදී ගත් අප හොඳින් සෙවනැති ගඟා ඉවුරට වඩාත් අද්දරින් වන අසුනක් මතට වීමු. “මතකද… අපි මුලින්ම උද්‍යානයට පැමිනි දවස.” දිගු විරාමයකට පෙර හමුවන මේ කෙටි වේලාව අපහසුවන් පිරිව ගත වන්නට හැරීම නොකල යුත්තකි. “මට මතකයි ඒත් මේ වගේම ගිම්හානයක අවසන් භාගය..” මම ඇයගේ අවධානය වෙනතකට ගෙන යන්නට වන වන උත්සාහය මත තව දුරටත් රැදෙමින් උත්සාහ කරන්නට වීමි. “මට මතකයි , ඔබ උද්‍යානයේ ප්‍රධාන දොරටුව දිසාව පිලිබදව මගෙන් විමසා සිටියා. මම් හිතන්නේ එතකොට ඔබ උද්‍යානයට පමනක් නොවේ නගරයටම අමුත්තෙක්” ඇය පිලිතුරු දුන්නාය. “ඇත්තෙන්ම ඔහොතේ මම හිටියේ නගරයේ උද්‍යානයේ අතරමංවී විතරක් නොවේ ජීවිතය තුලත් හුදකලාවී අතරමංවයි. ඒත් ඔබ පිලිතුරු දෙමින් සුහඳව කල කථා බහ මට ශක්තියක් වගේ දැනුනා. ඇත්තෙන්ම ඔබේ සුහඳ බව උද්‍යානයේ දොරටුව සොයා ගන්නට පමනක් නොව ඒ දවස් වල මා අසරනව සිටි දවසේ දොරටුවක් වන්නටත් ප්‍රබෝදාත්මක සහයක් උනා. ආගන්තුක නගරයක ඒකාකාරී කරුනු අතර ගතවන දේශන වලට කොටුව අසරන බවක් ගෙන තිබූ ජීවිතයට ඇත්තෙන්ම ප්‍රබෝධයක් උනා. දන්නවද , මට පසුව තේරුනා අප මුලින්ම දා කල සුලු කථා බහේදී ඔබගෙන් ලැබුනු ශක්තියට වඩා වැඩි ආභාශයක් ඔබටත් නොදැනීම මම ඔබෙන් ලබා ගත්තා කියලා. මම හිතන්වා ඔබ මගේ උදාහරනය විසුලුවකට ගෙන සිනා නොවේවි කියලා. මම එතකොට හිටියේ හොදටෝම බැටරි බලය ගෙවී ගිය පරිගණකයක් වාගේ. ඔබත් නොදෑනීම මම ඔබගෙන් විශාල මිනිස් ශක්තියක් ලබා ගත්තා වගේ මට හැගුනා. අදත් මම කියනවා ඔබට ගොඩක් ස්තූතියි කියලා” මම ස්තූතිපූර්ව බවක් පලවෙන ලෙසට පවසා සිටියෙමි. “මම අදටත් ඔබට කැමතිවන ප්‍රධාන හේතුවක් තමයි ඔබගේ ඒ වන අපූර්ව ගුනාංගය. මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා.”(60)
අදාල සමාගම විසින් රට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මා විසින් වෙන්කර ගෙන ඇති ගුවන්ගමන් පිලිබදව අවසන් මතක් කිරීමේ කෙටි පනිවිඬ දෙකක් ජංගම දුරකථනයට පැමිනීම අප දෙදෙනාම මදක් නොසන්සුන් කරන්නට සමත්වූවාය. අප හමුවීම ගෙවී ගිය කෙටිකාලය තුල ඔබට දැනුනේ කෙසේ දැයි මට විමසන්නට අවශ්‍ය විය. අප හමුවීම ඔබගේ ජීවිතයට වෙනසක් ගෙනෙන ලද දැයි තහවුරු වන්නේ නැවත හමුවකට මා වඩාත් කැපවන්නට සූදානම් බව දන්වන්නට මට අවශය විය. ” ඇත්තෙන්ම ඒක හරිම අපූරු අත්දැකීමක්. මම ජීවිතය දකිමින් සිටි වපසරිය බොහෝ සෙයින් ඉක්මවා යන සුහඳ කැඳවීමක් ඔබගෙන් ලැබීම පිලිබදව ස්තූතිවන්ත වනවා. මම මෙහෙම කියන්නද ? ඒක බුද්ධිමය අවදිකිරීමක් උනාට නොවඩුව මිනිස් බව තිබීම මට මහත් විසිතුරු ලෙසට දැනෙනවා.. මම දැඩි ලෙස බලාපොරොත්තුවෙනවා අප නැවත හමුවේවි කියලා”. මිනිසෙකුට තව මිනිසෙක් සමග සමුගැනීමක් තාවකාලික කරවන්නට මහත් දිරියක් ඒ වදන් ගෙනෙමින් ඇති බවට මා වෙතට දැනිනි.
රාත්‍රී ආහාරය සුපුරුදු අවන්හලෙන්ම ලබා ගන්නට අප තීර්නය කලෙමු. කලක් තිස්සේම එහි ආ ගිය නිසාවෙන් පමනක්ම නොව අප කලකී දෑ සමගද එහි සේවය කල බොහෝ දෙනා සමග වෙතට බොහෝ හිතවත්ව තිබිනි. සරල ආහාර වේලකින් පසුව බිල්පත ගෙවීමේදී මා කෙටිකාලීනව සමුගන්නට සූදානම් බව පැවසීම යුතුකමක් ලෙසට දැනිනි. සාමාන්‍යයෙන් අමුත්තන් වෙතට නොයෙන ඉහල කලමනාකරනයේ මහතෙකු අප මෙසය වේතටම පැමින සුහද සමුගැනීමකට කාරුනික විය. ” මම හිතනවා ඔබ බෙහෙවින් වෙහෙසට පත්වේලා වගේ. මම කුලී රියකින් මගේ ගමන් මලුදෙක රැගෙන ගුවන්තොටුපොල වෙතට යන්නට හැකි වේවි.” තවදුරටත් ඇය වෙහෙසට පත්වනවා වන අකමැත්ත මෙන්ම වඩාත් හැගුම් බර මොහොතක් මග හැරීම මටද අවශ්‍ය විය. “ඒහෙම කිරීමට තරම් මට අකාරුනික වෙන්නට බැරිබව ඔබ නොදන්නවාම නොවේ කියලා මම දන්නවා. අපි ඔබගේ නේවාසිකාගාරය වෙතට ගොස් ඒවාත් රැගෙන ගුවන්තොට දක්වා ඔබව ඇරලවන්නට මට ඉඩ දෙන්න.(61)