ඒ ඒ අවස්ථාවේ සක්මන් වන දැනුම් පරාසය අනූව අප දෙදෙන ගුරුන් හා සිසුන්ගේ කාරයභාරයන් බෙද හදා ගනිමින් කටයුතු කර ගනිමින් සිටියෙමු. එදින ක්ශුද්‍ර ජීවීන් විශේෂයක ඇසුරින් දත්ත රදවන ආකාරයක් ගැන සිදුකල සාර්ථක පර්යේක්ශනයක් පිලිබදව ඇය මා වෙත තොරතුරු පැහැදිලි කරමින් සිටියෙමු. හෝරා තුනක් හෝ හතරක වෙහෙසකර උත්සාහයකින් අනතුරුව අපගේ සටහන් පෙලෙහි වඩාත් සාර්ථක පරිච්ඡේදයක් අවසන් කරන්නට සමත් විනි. සැකසුරුවම් එකියක ලෙසට ඇය ම්වේසය මත විසිර තිබූ නෙක සටහන්, පොත් පත් පිලිවලකට නැවත අසුරා තබන යුරු බලා සිටියෙමි. දිගු සුසුමක් ගත් ඇය “මම ප්‍රශ්නයක් අහන්නද?” මාදෙස බලමින් ඇසුවාය. “ඇයි අපි මේ හැදෑරීමකරන්නේ?” ඇයට දැනගැනීමට අවශ්‍යව තිබූ කාරනය කිහිප විටක්ම මම මගෙන්ද අසාතිබුනක් විය. අප කිසියම් උසස් හැදෑරුම් ආයතනයකට සම්බන්දව ලිඛිත මට්ටමක අරමුනක් මත මෙම හැදෑරුම සැලසුම් කොට නොතිබුනා සේම කිසියම් වෙළඳ සමාගමක අවශ්‍යතාවය හෝ ආර්ථික ඉලක්කයක් ඇතිව එය මත යෙදී නොසිටියෙමු.
“මම මේ දැනුමට කැමතියි” පලමු කාරනය , අනෙක “ඔබ සමග කටයුතු කරන්නට කැමතියි” අවංකව වූ මගේ අදහස් අපැහැදිලි කෙරුවෙමි. “ඊට වඩා ඉලක්කයක් මට නම් නැහැ. ඔබට කැමති තීරනයකට මම කැමතියි. අපි හැදෑරුම් ආයතනයකට හෝ මුද්‍රන උත්සාහයකට යන්නට… ඒක ඔබේ කැමැත්තක්” මම ඇයගේ කැමැත්තට වැඩි අවස්ථාවක් දුනිමි. අප පසුකල දෙබස් අතරින් මා වඩාත් සිත්ගත් එකගතාවයකට ඇය විවෘත විය. “මටත් වැඩි ධනයකට යන්නට හෝ තවත් හැදෑරීම පිලිබදව සහතික බවක් ලබා ගන්නට ලොකු කැමැත්තක් නැහැ. ඔබ කැමතිනම් මේ හැදෑරුම ‍රැගෙන යන්න , මගේ ඒ ගැන කිසිම අකමැත්තක් නැහැ” ඇගේ සරල හා නො ඇලෙනසුලු සුලු මනස මනස වඩාත් පැහැදිලි විය. අපගේ සමස්ත මිත්‍රත්වයේ අසිරිමත්ම මොහොතක් එය ලෙසට මනස තුලට දැඩිව කිදා බසින බවක් මටම හැගෙන්නට විය.(39)
“අපි කථාකරමුද?” මද දුරක් ඉදිරියෙන් යමින් සිටි ටිබෙටියානු මිතුරා එකවරම නැවතී මාදෙසට හැරී ඇසුවාය. “මොනවා පිලිබඳවද?” මම පැහැදිලි කරගන්නට උත්සාහ කලෙමි. “අපේ දහම් ජීවිතය ගැන” යලි ගමන් අරබමින් ඔහු දිගටම කථාකරන්නට පටන් ගති. ” ඔබ නොදන්නවා නොවේ අපි ඉන්නේ සරල මුල් දහමේ පැහැදිලි කරන හීලෑ නැති සතෙකු බැද තබන්නට අවශ්‍ය වනවා සේ තත්වයකට වඩා බොහෝ දුරින් බව, මම නම් යෝජනා කරන්නේ ඔබ ආපසු ගොස් ඈතක තබා විත් ඇති සිත නැවත ‍රැගෙන ආ යුතුයි, නැතිනම් එහි ඔබ කයින්ද නතර විය යුතුයි. හැබැයි ඒ විසදුම් දෙකටම එකග නොවී ඔබ මේ ගතකරන ජීවිතයනම් ඉක්මනින්ම ගැටලු සහගත විය හැකියි.” මතකය අපූරු උපකරනයකි. එහෙත් කලතුරකින් හෝ හසුරවා ගන්නට නොහැකි වීමෙන් භවිතාකරන්නා මහත් අපහසුතාවයට පත්වේ. “ඇත්තෙන්ම පරිගණකයක මතක ගබඩාව මෙන් එහි ‍රැදී ඇති දෑ ඉතිරි කොටස් වලට නොදැනෙන සේ ක්‍රියාත්මක වනවා නම් මොනතරම් හොඳද? ඒත් ඒවා අතර තියෙන බොහෝ දෑ හැගීම් ඔස්සේ මුලු පද්ධතියටම උනත් බලපාන්නට පුලුවන් විදිහටයි මිනිස් පද්ධතිය නිර්මානය වෙලා තියෙන්නේ. භෞතිකව හදාරනකොට හමුවෙන්නේ රසායනික චලනයන් ගොඩක්. තීරනාත්මක සීමව ඉක්මවා යාම යනු සමහර විටක නැවත පැමිනෙන්නට බැරි සංකීර්න තත්වයක සිරවීමක්. තත්වය ඔහුවඩාත් පැහැදිලි කර දෙන්නට වූවාය.
මා මා සමගම කෙටි සංවාදයකට පිවිසුනෙමි. කුඩා කල සිට හෑරීම් අවකාශයට වූ අසීමිත කැමැත්ත ඇය විසින් අපූර්ව ලෙසට අවදිකරවා දමා ඇත. අප හමුවූ පරිසරයද ඊට මහත් පසුබිමක් වන්නට ඇත. මේ දැඩි කැමැත්ත බලයක් යොදවමින් පාලනයට යාම සහනශීලී විසදුමක් නොවනවා පමනක් නොව සංකීර්න ගැටලුවකට මගක් වීමේ අනතුරද අමතක කර දැමිය නොහැකිය. ආපසු ආශ්‍රම භූමියට ඇතුලු වන්නට පෙර දැඩි තීර්නයකට එලබෙමි. එනම් මම ආපසුව යා යුතුවම ඇත. ගම් වැසියන්ගේ අපූර්ව ජීවිත රටා පිලිබදව හැකි තොරතුරු ප්‍රමනයක්ද සමග ආපසු ගියහොත් වඩාත් ආකර්ශනීය සටහන් ගොනුවකට ආරම්භයක් ගත හැකි වනු ඇත. (40) – Pubudu Siriwansa