ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය. පසු දිනක අප උදයානයේ හමුවූ විටකදී ඇයට ඒ සටහන ගැන වැඩි දුර යමක් අසන්නට අවශ්‍ය විය. “ඔබ බොරුවට මාව අගය කරනවා නේද?” දෙබසේ ඇරබුම ඇගෙන් විය. “නැහැ මම කිසිවිටක ඔබව රවටන්නට උත්සාහකර නැහැ” දෙබස කෙටි වෙතැයි මා බලාපොරොත්තු විනි. “අර සටනේ අග ඔබ තියල තියපු අකුරු පෙල මා පසුව දු‍ටුවම මට එහෙම හිතුනා”. දිවිය පුරාවට හමුවූ නෙක ආකාරයේ තරුනියන් අතර ඇය සිතමත තබා තිබූ මතකය සුවිශේෂී බව මාතුල කිසිදු සැකයක් නොවිනි. “ඔබට මතකද අර උද්‍යානයේ සිතුවම් දැක්ම ගැන පසු දවසක අප අතර සිදුවූ දෙබස. ඇත්තෙන්ම ඔබව රවටන්නට කිසි සේත්ම අවශ්‍ය නොවන්නේ ඔබ අපූරු අයෙකු බව මා අත් දැක තිබෙන නිසාමයි. දන්නවද, ඔබේ හමුවෙන් පසුව මා වඩාත් සාර්ථක දේශකයෙක් වෙලා. මුල් දිනවල මගේ සාමන්‍ය දේශනවලට නොපැමිනි සිසුන් පවා දැන් පැමිනෙන්නේ හරිම උද්‍යෝගයකින් බව හොඳින් දැනෙමින් තිබෙනවා. දෙපැය පුරාව මගේ අවධානය මේතරම් සාර්ථකව නාභිගතකරගත හැකිව තිබූ කාලය මතක නැතුවා තරම්. ඇත්තම කියනවා නම් මම මම ගැනම පුදුම වෙමින්සිටිනවා” ඇය මා දෑස් දෙස එක එල්ලේ බල සිටින්නේ වචන ඔස්සේ පැමිනෙන අර්ථ සැබ වින්ම මා අදහස් කරනවාදැයි හඳුනාගන්නට මනාව පුහුනු කරන ලද එකියක ලෙසිනි.
අප සමුගන්නට නියමිත වන සතිය ඇරබුනේ විදුලි වේගයෙන් මෙනි. කාලය මෙතරම් ඉක්මනට ගලා යන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම් යැයි විටක සිත මා වෙත යෝජනා කරනවා වැනි විය. අප අතර ඇරබුනු හැදෑරුම වේගයෙන් අවසන් කරන්නට අපට අවශ්‍ය වූ මුත් ඒ පිලිබදව අප දෙදෙනා තුලම වූ උනන්දුව හීනව ගොස් තිබිනි. හොරාවක දෙකක හැඩුමකින් මේ සිතේ වන බ‍රැති බව අවසන් කරන්නට ඇත්තනම් කොතරම් හොඳදැයි වරක් ඇය විමසා සිටින්නට පවා පෙලබිනි. දල වශයෙන් පි‍ටු හයසීයකට පමන සැලසුම් කර තිබූ අප අවසන් සටහන පි‍ටු හාරසියයක් හෝ හාරසිය පනහක් පමන අවසන්ව ඇතිව අතරමගදී නතරකර දමන්නට අපට තීරනය කරන්නට සිදුවිනි.(53)
අවසාන දින කිහිපය වන විට නැගෙමින් තිබූ අපහසු බව මකා ගන්නට මෙන් වරක් මා තැබූ දින සටහන් මතකය. එය නම් “කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත. මා මේ නගරයට පැමිනි මුල් දින වල විවේකී දිනයන් ගතකර ගන්නට නොහැකිව විටක කිහිපවරක් නගරයේ වීදී ඔස්සේ එක් කෙරවලක සිට අනෙක් කෙරවල දක්වා ඇවිද ගිය කාලයක්ද විය. ඒකාකාරී මත්පැන් හලවල් නිෂ්පල උත්සාහයන් බව ඉක්මනින්ම හැගිනි. දරුනු හුදකාලාවකට මැදිව උද්‍යානයේ කෙරවලක ලී අසුනක් මතට වී ඉදිරියෙන් ගලා යන ගංගාවේ නැගෙන සිහින් දිය රල මනින්නට තැත් කරමින් සිටින කලක අහබු ලෙස හමුවූ අපූරු තරුනියක සියල්ල වෙනස් කර දමන්නට හැකිව ඇත. නගරයේ සෙවය කරමින් සිටින වෛද්‍යවරියක වූ ඇය කැපී පෙනෙන මහත් රූමත් එකියකද නොවූවාය. නමුත් ඇය ක්‍රියාශීලී , ප්‍රසන්න ගති පැවතුම් මෙන්ම වාග් විලාශකින් යුත්ත එකියක වීමම අප නැවත නැවත හමුවන්නට වූ අවිඥානික බලකිරීමක් විය. ඒ සිදුවීමේ මුල් භාගයේදීය. මැද භාගයේදී හැදෑරීම් ප්‍රිය අප දෙදෙන තොරතුරු තාක්ෂණය හා එමින් ඇති ජීවි විද්‍යාත්මක තලයන අතර වන එකගතාවයන් ගැන හැදෑරීම් සටහන් පෙලකට පවා පෙලබිනි.අවසාන භාගය දැන් පැමින ඇත. මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)
පැමිනෙන අඳුර නෙතුමානයේ වන සියල්ල පැන්සල් සිතුවමක් පමනක් බව පත්කරමින් ඇත. එය එලිය හා අඳුර පිලිබදව පමනක් වෙමින් ඇත. ඝන මිහිදුම් වැනි ස්වභාවය තැනින් තැන වෙනදාට දකින දැල්වෙන පහන් සිලු මුවා කර දමා තිබෙනවා විය යුතුය. විටක යෝධයන් මෙන් නැගී සිටින මිනිසුන් තවත් විටක අසරනයන් වන්නේ විටක හරිම අතාර්කික ලෙසටය. එම නගරයෙන් සමුගැනීම හෙටයි කියා තිබූ දිනයට පෙරදා දහවල මා දුන් දුරකථන ඇමතුම් කිසිවකට පිලිතුරු දෙන්නට අන් කෙරවලේ සප්‍රානික කිසිවෙක් නැතුවා වැනි විය. මා සේවය කල ආයතනයේ එම අධ්‍යන වසර සදහා මා වෙතට නියමිතව තිබූ අවසන් දේශනය අවසන් කල විගස ඇය සේවය කල ආයතනය වෙතට යන්නට මට අවශ්‍ය විය. ඒ වෙත ගිය මා ඔවුන්ගේ විවේකාගාරයේදී ඇයව හමුවිය හැකි බවට දැන්විනි. ඔවුනගේ විවේකාගාරයේ කවුලුවක් අසලවූ අසුනකට ව ඇය සිටියාය. මාදු‍ටු විට යාන්තමින් සිනාසුනු ඇය “මට ටිකක් හිසරදේ වගෙයි. විවේකයක් ගත්තිත් හොඳයි කියා සිතුනා” ඇය පත්ව ඇති සබෑතත්වය වසන් කරන්නට අසාර්ථක උත්සාහයක යෙදිනි. “ඔබට හොඳයි කියා සිතනවානම් අපි එලියට යමු”. තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය. වසරක් පුරාවට බොහෝ දේ කථාකරමින් මේ නගරයේ අපූර්ව පරිසරයන් මත හෝරා බොහෝ ගනනක් ඔබ මොබ සක්මන් කරමින් සිටි අප අතරට හදිස්සියේම තවත් හෝරා සියගනනක් කථාකරන්නට දේ පැමින ඇතුවා සේය. විනාඩි කිහිපයක් දැඩි නිද්‍රාවකින් මෙන් නිහඬව සිටි අප ටැබ් යන්ත්‍රය ඔස්සේ ඇයගේ ඉල්ලීම පිලිගත්බවට පැමිනි ආයතනයේ පනිවිඬය සදහා වූ සිහින් හඬින් අප නැවත පියවි ලොවට පැමිනුනා මෙන්විය.