මේකාලය වන විට එකව්නා රාජසිංහ රජුගේ තර්ජන නිසා කෝට්ටේ රාජ්‍යය ආරක්ෂා සහිත ස්ථානයක් වූවෙන් ධර්මපාල රජුද කොළඹ පෘතිගීසී කො‍ටුවේ ආරක්ෂාව ලබමින් සිටියේය. කොනප්පු බණ්ඩාරට පෘතුගීසීන් හා කිට්‍ටු ඇසුරක් ඇති කර ගැනීමටත් ක‍තෝලික ආගම ගැන අවබෝදයක් ලබා ගනීමටත් මෙය හොඳ අවස්ථාවක් විය. වීදියේ බණ්ඩාරගේ මලනුවන් වූ තම්මිට බණ්ඩාරගේ දියනියක් අවාහකරගෙන දොන් ජෝන් නමින් බෞතීස්ම වී කතොපලික ආගම වැලන්ද ගති. කරලියැද්දේ රජුගේ දියනිය වූ දෝන කතිරිනා (කුසුමාසන දේවි) කුමරිය හා බෑනා වූ දොන් පිලිප් යමසිංහ බණ්ඩාර සමග කිට්‍ටු ආශ්‍රයක් පවත්වාගෙන යාමටද ඔහුට අවස්ථාව ලැබෙන්නට ඇත. තමා සමග කොළඹට පැන ආ සල්ලප්පු නැමති අය මැරීම නිසා කොනප්පු බණ්ඩාර ගෝවට යවන ලදී. එහි තුන්වසරක් පමන කාලයක් සිටි කොනප්පු බණ්ඩාර කරන ලද වීර ක්‍රියා නිසා ගෝවේ ප්‍රථිකාල් වීසුරේ ගේ ප්‍රසාධයද දිනා සිටියේය.
සීතාවක රාකසිංහ රජු කොළඹ කො‍ටුව වටලෑම නිසා ඉතා අසරන තත්වයට පත්ව සිටි පෘතුගීසී සේනාව බේරා ගැනීමට නම් උඩරට කැරළි ඇතිකර රජුගේ අවධානය වේනත් අතකට යොමුකල යුතු බව තේරුම් ගත් විසුරේ උඩරට රජ්‍යය උරුමය ඇති කරලියැද්දේ ගේ බෑනා වූ දොන් පිලිප් යම සිංහ බණ්ඩාර සමග කොනප්පු බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් පෘතුගීසී හමුදාවක් එවීය. මන්නාරමට පැමිනි මේ පිරිසට උඩරටට යාමට බාදාවක් ඇති වූ බව නොපෙනේ. උඩරට ප්‍රභූවරුන්ගේ හා වැසියන්ගේ සහයෝග මොවුනට ලැබෙන්නට ඇත. කිසිදු බාදාවකින් තොරව මහනුවර අල්ලාගත් ඔවූහු දොන් පිලිප් යම සිංහ බණ්ඩාර රජකමෙහි පිහිට වූහ. අභිනව රජුගේ ආරක්ෂාව සදහා පෘතුගීසී හමුදාවක්ද උඩරට ‍රැන්ද වින. ටික දිනකින් යමසිංහ කුමරු මියගිය විට ඔහුගේ පුත් ජෝන් කුමරුට රජකම පැවරිනි. දොන ජොන් කුමරු රජකමෙන් පහකල කොනප්පු බණ්ඩාර විමලධර්ම සූරිය නමින් උඩරට රජවිය. එකවන රාජසිංහ රජු උඩරට යටත් කර ගැනීමට සේනාව සන්නද්ධව පැමිනි නමුත් බලනේ සටනින් පසුබැස , “මෙදා උඩරට පැමිනි අය පින් ඇති කෙනෙකැයි ” කියා සීතාවකට ආපසු යන අතර මගදී පෙතංගොඩ උයනේදී උන ක‍ටුවක් ඇනී මරනයට පත්විය. සීතාවක රජ්‍යයේ එඩිය ක්‍රමයෙන් අඩුවී යන විට රාජසූරිය කුමරුගේ මරණයෙන් පසු මාන්නප්පෙරුම මොහොට්ටිද ධර්මපාල රජුට එකතු වීම නිසා තව තවත් දුර්වල විය.විමලධර්ම සූරිය රජු උඩරට රාජ්‍යය ලබ ගත්තද රාජ්‍යයේ ස්ථාවර බවක් නොලැබූ බව පෙනේ. උඩරට රජ්‍යය ලබා ගැනීමට විමලධර්මසූරිය රජුට උරුමයක් නැති යන අදහස උඩරට ප්‍රභූවරුන් හා වැසියන් තුල වඩෙමින් තිබූ බව සිතිය හැකිය. කුසුමාසන දේවිය (දඔන කැතරිනා) ට උඩරට රජ්‍යය ලබා දීමට ධර්මපාල රජතුමා ඉදිරිපත් වූයද මේ අදහස මුල්කරගෙනය. ධර්මපාල රජු ජයවීර බණ්ඩාර හා පෘතුගීසී කපිතන් තැන කථකා කරගෙන දෝන කතිරිනා කුමරියට උඩරට රජකම ලබ දීම සදහා විමලධර්ම සූරිය රජුට එරෙහිව සේනා මෙහෙය වූහ. දෝන කතිරිනා කුමරිය සමග ගිය සේනාව දන්තුරේ වාඩිලා ගත්හ. උපායකින් සතුරු සේනාව පරාජය කිරීමට විමලධර්ම සූරිය රජු සම්ත්විය. පලායන කතිරනා කුමරිය අල්ලා ගත් ඒකනායක මුදලි ඇය විමලධර්මසූරිය රජු ඉදිරියට ගෙන ගියේය. උඩරට රජකම ලබා සිටි කරලියැද්දේ රජුගේ දියනිය වු නිසා කුසුමාසන දේවිය(දෝන කතිරිනාට) උඩරට රජ්‍යයේ අයිතිය තිබිනි. විමලධර්මසූරිය රජු මෙම කුමරිය සරණ කර ගැනීමෙන් උඩරට රජ්‍යයේ උරුමය තහුවුරු කර ගත්තේය.
– පොත පත ඇසුරෙනි