වෙඩි ගොය හ වෙඩි පිටිය
සීතාවක ‍රැදී සිටි ඉංග්‍රීසි සෙබලුන් තම යුධ පුහුනුවීම් සදහා යොදාගත් භූමියක් අවිස්සවේල්ල පනාවල මාර්ගයේ සීතාවක රජ මාලිගය පසුකර කිලෝමිටර භාගයක් පමන ගිය විට හමුවේ. ගිනි අවි හා වෙඩි බෙහෙත් තැන්පත් කල ගබඩාව වෙඩි ගෙයයි. සාමාන්‍ය ප්‍රමානයේ නිවසක් වූ මෙය කලුගලින් බිත්ති බැඳ ඇති අතර සෙබලුන් වෙඩි තැබීමට පුහුනු වූ යුධ අගල හා පස් කන්ඩි ආදද දැක ගත හැකි අතර වෙඩි පිටිය දුර යාර 1000ක් පමන විශාල ප්‍රදේශයකි. පැරනි අවිස්සවෙල්ල අඟලේ සිටියමේ මෙම වෙඩි පිටිය පැහැදිලිව දක්වා ඇත.
බැලුම් කො‍ටුව -පෘතුගීසී කො‍ටුව
සීතාවක මාලිගාවේ පි‍ටුපසට වන්නට වන කඳු මුදුනේ අඩි 45*45 ප්‍රමානයට වන ගලින් බැඳ නිමවන ලද කො‍ටුවක් දක්නට ඇත. පෙර රජ දවසේ දී පනිවිඬ ‍රැදි ඊතල විදින ස්ථානයක් හා ආරක්ශක මුර පොලක් ලෙසට ලෙසට මෙම ස්ථානය භාවිතාකරන්නට ඇත. පසුකාලීනව ඉංග්‍රීසීන් මෙහි බලකො‍ටුවක් ඉදිකල අතර පහල දිය පීල්ලේ සිට කො‍ටුවට ජලය ගෙන යාමට සෑදූ මාවතේ හමුවන ගල් කුලු වල සකස් කල සලකුනු අදද දැකිය හැකිය. අදද මෙහි යන්නෙකුට තැන තැන විසිරුනු උළු කැබලි මෙන්ම ගල් බැම්මේ කොටස් දැකිය හැකිය