අතීතයේදී යම් ප්‍රදේශයක් වෙතට නමක් පැමිනෙන්නේ බොහෝ විට ස්වභාවික හේතුවක් නිසා වෙනි. තවත් විට එම ප්‍රදේශයේ සිදුවන ප්‍රකට සමාජ ක්‍රියාවක් නිසාය. මානියම්ගම ආශ්‍රිතව පවතින වෙලංගල්ල ප්‍රදේශය ඒනමින් නම් උනා යැයි සැලකෙන්නේ එම ප්‍රදේශයේ බහුලව පැවති දේශීය වෙදකමට බහුලව යොදා ගන්නා ඖෂද ගස්වර්ගයක් ඇසුරෙන් බව හදාරන්නන්ගේ පිලි ගැනීමකි. අතීතයේදී දක්ශ කුඹල් කරුවන් පිරිසක් මෙම ප්‍රදේශයේ විසූ බවත් ඔවුන් විශාල ලෙසට තම මැටි භාන්ඩ නිෂ්පාදනය කල නිසා ඒ ඇසුරෙන් වලන් ගොල්ල පසුව වෙලන්ගල්ල ලෙසට නම් ලැබූ බව තවත් මතයකි.
බෝමලුව යනුද අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ කි.මි.4 පමන ගිය විට ගම්මානයකි. ප්‍රදේශවාසීන් වැදුම් පිදුම් කල බෝ වෘක්ෂයක් මේ ප්‍රදේශය ආශ්‍රිතව පැවති බවත් පසුකාලීනව පනවල මාර්ගය සංවර්ධනය කිරිම සදහා මෙම බෝ ගස ඉවත්කල බවත් හා එම බෝධිය තිබූ ස්ථානය ආශ්‍රිතව අදටත් බෝධිමලුව ලෙසට නම් වන බවත් පිලිගැනීමකි. (ඡායා රූපය මානියම්ගම ආශ්‍රිතව ඇති Gala Balana Kanda )
